දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කර තිබෙනවා.එසේ සිදුව ඇත්තේ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමග අද දහවල් පැවැති සාකච්ඡාව ද විසඳුමකින් තොරව අවසන් වීම හේතුවෙන්.
ඒ අනුව මෙතෙක් දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ඇතුළු සේවා කිහිපයකින් ඉවත්ව සිටි ස්ථානාධිපතිවරුන් ගුවන් තොටුපළ වෙත ඉන්ධන ප්‍රවාහනයෙන් ද ඉවත්වීමටයි මේවනවිට කටයුතු කර ඇත්තේ.
මීට අමතරව තිරිගු පිටි මෙන්ම හුණුගල් ප්‍රවාහනයෙන් ද, ත්‍රිපෝෂ සහ කන්ටේනර් ප්රවාහනයෙන්දෙ ඉවත්වීමට පියවර ගෙන ඇති බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ. ෙ
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර අදට දින 04 ක්.
ඔවුන් පළමුව දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමෙන් ඉවත් වූ අතර අද දිනය ඇතුළු ගතවූ දින හතරේම මගීන් දුම්රියෙන් ගමන් ගත්තේ ප්‍රවේශපත්‍ර නොමැතිවයිඓම නිසා ඕනෑම මගියෙකුට තමා කැමති ගමනාන්තයකට නොමිලයේ යාමට මේ අනුව ඉඩ ලැබී තිබේ.