Travel with Gota මානුෂීය හේතු මත…

0
372

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයට පැමිණෙන බව එරට මාධ්‍ය අද වාර්තා කර තිබුණා.

එම මාධ්‍ය වාර්තා පැවසුවේ හිටපු ජනාධිපතිවරයා හෙට දිනයේදී සිංගප්පූරුවේ සිට තායිලන්තයට පැමිණීමට නියමිතව ඇති බවයි.
 
ඇතැම් තායිලන්ත මාධ්‍ය වාර්තා අනාවරණ කළේ තායිලන්තයේ අග්‍රාමාත්‍ය ප්‍රායුත් චාන් ඕ චා මෙන්ම විදේශ කටයුතු අමාත්‍යවරයා ද හිටපු ජනාධිපතිවරයාගේ පැමිණීම සම්බන්ධයෙන් අදහස් පළ කර ඇති බවයි.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා මානුෂීය හේතූන් මත තාවකාලිකව තායිලන්තයේ රැඳී සිටිනු ඇති බව ද ඔවුන් තහවුරු කර ඇති බවයි තායිලන්ත මාධ්‍ය වාර්තා අනාවරණ කළේ.
 
තායිලන්තයේ අග්‍රාමාත්‍ය ප්‍රායුත් චාන් ඕ චා එරට හිටපු හමුදා ප්‍රධානියායි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here