Saturday, January 11, 2025

Trinco Petroleum Terminal Ltd නමින් ත්‍රීමලේ තෙල් ටැංකි සංවර්ධනයට නව සමාගමක්

Trinco Petroleum Terminal Ltd නමින් ඛණිජතෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධ නව සමාගමක් පිහිට වූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, දැනට IOC සමාගමට බදු දී ඇති තෙල් ටැංකිවලින් රජයට ලැබෙන කොටස පාලනය සඳහා එම සමාගම පිහිට වූ බවයි.

එම තෙල් ටැංකිවලින් කොටසක් රජයට ලබාගැනීම සඳහා සාකච්ඡා මේ වන විට පැවැත්වෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා පැවසුවේ IOC සමාගමට බදු දී ඇති ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 යෙන් බහුතරය යළිත් මෙරටට ලබාගැනීම සඳහා එම සාකච්ඡා පැවැත්වෙන බවයි.

එය ඵලදායිව අවසන් කර ලක් රජයට අයත් දේපළක් වන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි තෙල් සංස්ථාව යටතේ පාලනය කරන Trinco Petroleum Terminal Ltd සමාගම හරහා රටේ ආර්ථිකයට දායකත්වයක් ලබාදෙන පරිදි යොදා ගැනීමට නියමිතයි.

එම කටයුතු ඉදිරි මාසය ඇතුළත අවසන් කර ගැනීමට හැකි වෙතැයි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විශ්වාසය පළ කළේ ය.

ත්‍රිකුණාමලය වරායට ආසන්නව ඇති මෙම තෙල් ටැංකි සංකීර්ණය ටැංකි 99 කින් සමන්විතයි. 2003 වසරේ එවක රජය විසින් ඇතිකරගත් ගිවිසුමක් මත එම ටැංකි 99යම ලංකා ෂධක්‍ සමාගමට බදු දුන් අතර මේ වන විට ලංකා IOC සමාගම මෙහෙයුම් කටයුතු සිදුකරන්නේ ටැංකි 14 කයි.

පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන් නිර්මාණය කළ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය මුලින් තෙල් ටැංකි 101කින් සමන්විත වුණා. එයින් දැනට ඉතිරිව ඇත්තේ ටැංකි 99ක් පමණයි. ඛනිජ තෙල් ගබඩා කිරීම සඳහා ශ්‍රී ලංකාව සතු විශාලතම තෙල් ටැංකි සංකීර්ණය ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles