Monday, September 23, 2024

UGC සභාපතිට එරෙහිව සරසවි සිසුවෙකු මානව හිමිකමි කොමිසමට යයි

මෑතකදි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග විසින් විශ්වවිද්‍යාල වලට ඇතුල් වීමට සහ නේවාසිකාගාර සඳහ පිවිසිමට විශ්ව විද්‍යාල සිසුන් විසින් කොවිඩ් එන්නත් දෙකම ලබාගෙන තිබිය යුතු බවට කරන ලද ප්‍රකාශයෙන් තමන්ගේ මුලික අයිතිවාසිකම් කඩ වි ඇතැයි විශ්ව විද්‍යාල සිසුවකු මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇත.

එම ශිෂ්‍යයා වෙනුවෙන් පෙන්වා දි ඇත්තේ, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ් එන්නත් අනුමත කර ඇත්තේ හදිසි තත්වයක් උදෙසා හෙයින් එහි ප්‍රතිපල ගැන රජය හෝ සෞඛ්‍ය අංශ වගකීම් භාර නොගන්නා හෙයින් ද එන්නත ලබා ගත්අයට කොවිඩ් නොවැළඳෙන බවට හෝ ඔවුන් වාහකයන් නොවන බවට හෝ සාක්ෂි නොමැති හෙයින් සහ එන්නත් දෙකම ලබා ගත් පුද්ගලයන් පවා මරණයට පත්ව ඇති බැවින් එන්නත ලබා ගැනීම හෝ නොගැනීම මත වෙනස් කොට සැලකීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමන් හිමි නීතිය ඉදිරියේ සාමානාත්මතාව අහිමි වන බවයි.

තවද එන්නත නිසා විවිධ අතුරු ආබාධ , ලේ කැටි ගැසිම , ශරිරයේ අවයව අප්‍රාණික වීම , හෘ දයාබාධ ඇතිවීම සහ මරණය පවා සිදුවු බවට තොරතුරු වාර්තාවේ.

එවැනි තත්වයක් තුල ඇතිවිය හැකි අතුරු ආබාධ සම්බන්ධයෙන් වගකියන්නේ කවුද? මෑතකදි සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ජාත්‍යන්තර වාර්තා උපුටා දක්වමින් පෙන්වා සිටියේ එන්නත් වල ප්‍රතිශක්තිකරණ හැකියාව සිඝ්‍ර ලෙස අඩුවන බවයි. ඒ අනුව එන්නත්කරණය ලැබු පුද්ගලයලන් කොවිඩ් වලට පමණක් නොව අනෙක් රෝග වලට පවා පහසුවෙන් ගොදුරු වීමේ තත්වයක් උද්ගත විය හැකිය.

මෙවනි නොදන්නා සහ විද්‍යාත්මකව තහවුරු නොකරන ලද එන්නතක් මත අවිනිශ්චිත කරුණු මත පදනම් ව තමන්ගේ විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු සඳහා සීමා පැමිණවීම අසාධාරණ, මත බේදාත්මක සහ පදනම් විරහිත තීරණයක් බවට ප්‍රකාශ කරන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා සිය බලය ඉක්මවා කටයුතු කරමින් අනීතීකව මෙම නීති පනවා ඇති බවටත් ප්‍රකාශයක් කරන ලෙස ඔහු මානව හිමිකම් කොමිසමේන් ඉල්ලා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles