එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියාට විශේෂ ඉල්ලීමක්.

0
459

මේ මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියාගේ චීනයේ ෂින්ජියැන්ග් උයිගර් කලාපයේ සිදු කිරීමට නියමිත සංචාරයේදී උයිගුර්වරුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්, වධහිංසා පැමිණවීම් සහ ජන සංහාර පිළිබඳ චෝදනා ස්වාධීනව විමර්ශනය කරන ලෙස තුර්කියේහි උයිගර් මුස්ලිම්වරු ඉල්ලා තිබේ.

කඳවුරුවල නිදහසේ ඇවිදිමින්, නිරීක්ෂණ කැමරා නොමැතිව හෝ චීන පොලිසිය නොමැතිව ජනතාව සමඟ නිදහසේ කතා කරන ලෙසත් එහි මානව හිමිකම් තත්ත්වය ලොවට හෙළි කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියාගෙන් ඉල්ලා සිටින බව තුර්කියේ වෙසෙන උයිගර් ජාතිකයෝ ඉස්තාන්බුල්හි මාධ්‍ය හමුවකදී පැවසූහ.

එක්සත් ජාතීන් ෂින්ජියැන්ග් වෙත ගොස් ඒකපාර්ශ්වික චීන ප්‍රවාදයට සවන් දීමෙන් සම්පූර්ණයෙන්ම අසත්‍ය වාර්තාවක් ඉදිරිපත් විය හැකි බව ද ඔවුහු සදහන් කරති.

එය එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ මානව හිමිකම් ඒජන්සියට ඉතා අපහසුතාවයක් ගෙන දෙනු ඇතැයි ද ඔවුහු පැවසූහ.

තුර්කියෙහි උයිගුර් ප්‍රජාව පසුගිය වසර කිහිපය තුළ ඉස්තාන්බුල්හි චීන කොන්සල් කාර්යාලය ඉදිරිපිට අතුරුදහන් වූවන්ගේ පින්තූර තබාගෙන දිනපතා විරෝධතා පවත්වමින් සිටිති.

මාර්තු මාසයේදී, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී මිචෙල් බැචලේ චීනය සමඟ ගිවිසුමකින් පසු මැයි මාසයේදී ෂින්ජියැන්ග් ඇතුළු චීනයේ සංචාරයක යෙදෙන බව ප්‍රකාශ කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here