සීක් බෙදුම්වාදයට බ්‍රිතාන්‍යයෙන් ප්‍රහාරයක්.

0
626

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තය පදනම්ව කලිස්තානය නමින් වෙනම සීක් රාජ්‍යයක් බිහිකිරීමට දරන උත්සහයට බ්‍රිතාන්‍යයේ සීක් ප්‍රජාවේ විරෝධය ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

පසුගියදා ලන්ඩනයට රැස්වූ සීක් නියෝජිතයන් රැසක් ඉන්දීය විරෝධී ව්‍යාපාරවලට ඉඩ ලබානොදිය යුතු බව අවධාරණය කර ඇතැයි සදහන් වේ.

අගමැති නරේන්ද්‍ර මෝදිගේ වත්මන් ආණ්ඩුව යටතේ සීක් ප්‍රජාවේ ගැටලුවලට සහ අනන්‍යතාවය පවත්වාගෙනයාමට අවශ්‍ය උපරිම සහය හිමිවී ඇති බව ඔවුන්ගේ මතය වී ඇති බව පැවසේ.

මේ හේතුවෙන් අන්තර්ජාතික ප්‍රජාව තුළ කලිස්තාන් ව්‍යාපාරය හෝ ඉන්දීය විරෝධය මතු කිරීමට ඉඩ ලබා නොදිය යුතු බව ඔවුන් සදහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here