ඇෆ්ගනිස්තානයේ උලමාවරුන්ට නරක කාලයක්.

0
670
A member of the Jamiat-e-Ulema Islam party stands and shouts "Allah hu Akbar" or God is Great during a gathering inside a mosque in Peshawar October 21, 2001. Hundreds gathered at Al Zargoni mosque on Sunday to denounced the U.S-led strikes on Afghanistan. REUTERS/Zainal Abd Halim ZH/CP - RP2DRIPNEUAA

ඇෆ්ගනිස්තානයේ ඉස්ලාම් පූජකයන් හෙවත් උලමාවරුන් තමන්ට විධිමත් ආරක්ෂාවක් සපයන්නැයි තලේබාන් පාලනයෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙම ඉල්ලීම සිදුකිරීමට හේතුවී ඇත්තේ, ඇෆ්ගනිස්තානයේ උලමාවරුන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ලවීම ඉහළයාම හේතුවෙනි.

පසුගිය සතියේ සෙනසුරාදා කාබුල් හිදී එල්ල වූ ප්‍රහාරයකින් එක් උලමාවරයෙකු මියගිය අතර සිකුරාදා එල්ල වූ ප්‍රහාරයක දී තවත් උලමාවරයෙකු දිවි බේරා ගත්තේ අසීරැවෙනි.

මෙම ප්‍රහාරවලට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර ප්‍රහාර එල්ල කළ කණ්ඩායම් පිළිබදවද කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.

මේ පසුබිම තුළ ඇෆ්ගනිස්තානයේ උලමාවරුන් තමන්⁣ගේ ආරක්ෂාව තහවුරැ කරන ලෙස තලේබාන් සංවිධානය වෙත ඒකාබද්ධ ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here