Tuesday, December 24, 2024

UN සමුළුවේදී චීනයට පක්‍ෂව රටවල් 65කින් ඒකාබද්ද ප‍්‍රකාශයක්.. ලංකාවද අත්සන් තබයි..

මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරයේදී මානව හිමිකම් මුවාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමට එරෙහිව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 65 ක් නියෝජනය කරමින් පාකිස්තානය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළේය. සිකුරාදා නිකුත් කළ මෙම ඒකාබද්ධ නිවේදනයේදි ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කිරීම සහ ස්වෛරී රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගැසීම ජාත්‍යන්තර සබඳතා පාලනය කරන මූලික සම්මතයන් බව අවධාරණය කළේය.

හොංකොං, ෂින්ජියෑං සහ ටිබෙට් ආශ්‍රිත ගැටලු චීනයේ අභ්‍යන්තර කටයුතු වන අතර ඒ සඳහා කිසිදු බාහිර බලවේගයක් මැදිහත් නොවිය යුතු බවත් හොංකොං විශේෂ පරිපාලන කලාපය තුළ චීනය විසින් “එක් රටක්, පද්ධති දෙකක්” යන මූලධර්මය ක්රියාත්මක කිරීම සඳහා සහයෝගය ලබා දෙන බවත් ඒකාබද්ධ ප්රකාශ අවධාරණය කළේය.

සියලුම පාර්ශවයන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු හා මූලධර්ම හා විශ්වීයභාවය, අපක්ෂපාතීත්වය සහ තෝරා නොගැනීම යන මූලධර්ම පිළිපැදිය යුතු බවත් ඒ අනුව මානව හිමිකම් වර්‍ධනය සඳහා වූ මාවත ස්වාධීනව තෝරා ගැනීමට ඒ ඒ කලාපවල ජනතාවට ඇති අයිතියට ගරු කළ යුතු බවත් ඒකාබද්ධ ප්‍රකාශයෙන් පැවැසීය.

බහුපාර්ශ්විකවාදය, සහයෝගීතාව තහවුරු කරන ලෙසත්, ඵලදායි සංවාදය සහ සහයෝගීතාව තුළින් මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම කටයුතු කරන ලෙසත් ඒකාබද්ධ ප්‍රකාශයෙන් අනෙකුත් රටවලින් ඉල්ලා සිටියේය.

මානව හිමිකම් සහ ද්විත්ව ප්‍රමිති දේශපාලනීකරණයට රටවල් 65 විරුද්ධ බව ඒකාබද්ධ ප්‍රකාශය අවධාරණය කරයි. දේශපාලන අභිප්‍රේරණයෙන් සහ වැරදි තොරතුරු පදනම් කරගෙන චීනයට එරෙහිව එල්ලකරන පදනම් විරහිත චෝදනාවලට විරුද්ධ වන බවත්මානව හිමිකම් මුවාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගසන බවත් ඒකාබද්ධ ප්‍රකාශයෙන් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

– ADA

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles