කාශ්මීර ප්‍රශ්නය උග්‍ර කළ බවට ඉන්දියාවෙන් පකිස්තානයට චෝදනා

0
265

එක්සත් ජාතීන්ගේ විවාදයකදී කාශ්මීර ප්‍රශ්නය මතු කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව පාකිස්තානයට දෝෂාරෝපණය කර ඇති අතර එය බොරු ප්‍රචාර කිරීමට ගන්නා අසාර්ථක උත්සාහයන් ලෙස හදුන්වා තිබේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ප්‍රතිසංස්කරණ ගැන සාකච්ඡා කිරීමට රැස්වෙද්දී, පාකිස්තානයේ නියෝජිතයෙක් නැවතත් ජම්මු සහ කාශ්මීරය ගැන අනවශ්‍ය ලෙස සඳහන් කර ඇති බව එක්සත් ජාතීන්ගේ ඉන්දියාවේ නිත්‍ය දූත මණ්ඩලයේ ප්‍රතික් මතුර් පවසා ඇත.

පාකිස්ථාන නියෝජිතයා කුමක් විශ්වාස කළත් ජම්මු සහ කාශ්මීරය ඉන්දියාවේ අවියෝජනීය සහ වෙන් කළ නොහැකි කොටසක් ලෙස පවතින බව ඔහු එහිදී පැවසීය.

අසත්‍ය ප්‍රකාශ කිරීමට පාකිස්තානයේ මංමුලා සහගත උත්සාහයන් සහ බහුපාර්ශ්වික සංසදවල පරිශුද්ධභාවය අනිසි ලෙස භාවිතා කිරීමේ නරක පුරුද්ද සාමූහික අවමානයට සහ අනුකම්පාවට ද සුදුසු බව ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here