එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියාගේ පළමු චීන සංචාරය අපතේ ගිය බවට වාර්තා

0
316

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී මිචෙල් බැචලේගේ මෑත චීන සංචාරය මානව හිමිකම් සම්බන්ධයෙන් ස්වර්ණමය අවස්ථාවක් කරගත හැකිව තිබුණද එය නිශ්ඵල සහ අපතේ ගිය ඓතිහාසික අවස්ථාවක් ලෙස‍ට විවේචන එල්ල වෙමින් තිබේ.

ෂින්ජියැන්ග් සහ ටිබෙට් වැනි ප්‍රදේශවල මානව හිමිකම් තත්ත්වය විමර්ශනය කිරීමට සහ උයිගර්වරුන්ට සහ ටිබෙට් ජාතිකයනට එරෙහි අපයෝජනයන් සම්බන්ධයෙන් චීනය වගකිව යුතු බවට මෙහිදී සනාථ කර ගැනීමට ඉඩ තිබුණද එය අපතේ ගිය බව බහුතර මානව හිමිකම් විශේෂඥයන් පිරිසක් සදහන් කර ඇත.
ග්ලෝබල් ටයිම්ස් වාර්තා කළේ සංචාරය අවසානයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා කළ ප්‍රකාශ මගින් පෙනීයන්නේ ඇයගේ සංචාරය “පරීක්ෂණයක්” සඳහා නොවන බවත් මෙය “චීනයේ ජ්‍යෙෂ්ඨ නායකයන් සමඟ සාකච්ඡා කිරීමට” අවස්ථාවක් කරගෙන ඇති බවයි.

තවත් චීන මාධ්‍යයක් වන CGTN ට අනුව මෙම සංචාරය සැබෑ තත්වය පැහැදිලි කිරීමට සහ බොහෝ වැරදි තොරතුරු සහ ප්‍රකාශ කර ඇති වෙනත් දේවල් ඉවත් කිරීමට අවස්ථාවක් ලබා දී ඇත.

බැචලෙට්ගේ බලාපොරොත්තු සුන් වූ සංචාරයෙන් පසුව, ලෝක උයිගුර් කොන්ග්‍රසය (WUC) නැගෙනහිර තුර්කිස්ථානයේ තත්ත්වය පිළිබඳ ඇයගේ ස්වාධීන තක්සේරුව මුදා හරින ලෙස ඇගේ කාර්යාලයෙන් දැඩි ලෙස ඉල්ලා සිටියේ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ ජන සංහාර සඳහා චීන රජය වගකිව යුතු බවට ප්‍රදර්ශනය කිරීම සඳහා බව ද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here