ඇමරිකාවෙන් චීනයට අවවාදයක්.

0
690
Newly confirmed U.S. Secretary of State Antony Blinken addresses reporters during his first press briefing at the State Department in Washington, U.S., January 27, 2021. REUTERS/Carlos Barria/Pool - RC2KGL9NHFT0

ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ උයිගුර් ජනවර්ගය ඇතුළු සුළු වාර්ගිකයන්ට එරෙහිව සිදුකරන අපරාධ වහාම නවත්වන්නැයි ඇමරිකාව චීනය වෙත අවධාරණය කරයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චෝදනා කරන්නේ චීනය මෙම ජනවර්ගවල‍ට ‍එරෙහිව වර්ග සංහාරයක සහ මානුෂීයත්වයට එරෙහි අපරාධවල නිරත වන බවයි.

මේ අතර පසුගිය සතියේදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ නිෂ්පාදනය කරන භාණ්ඩ ඇමරිකාවට ආනයනය කිරීම වැළැක්වීමට අදාළ වන නීතියට අත්සන් තබනු ලැබිණ.

උයිගුර් බලහත්කාරී ශ්‍රමය වැළැක්වීමේ පනත ලෙස හැදින්වෙන මෙම නව නීතිය මගින් ෂීන්ජියෑන්ග් ප්‍රාන්තයේ ඇතැම් නිෂ්පාදන උයිගුර් ඇතුළු සුළු ජනවර්ගවල බලහත්කාරී ශ්‍රමයෙන් නිෂ්පාදනය කරනු ලබන බවට හදුනාගෙන ඒ මත විවිධ ආනයන තහනම් පනවනු ලැබ ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here