Friday, September 20, 2024

චීනය ගැන සෙවීමට ඇමරිකාව ඇල්බේනියාවේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් අරඹයි.

ඇල්බේනියාවේ විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඇරඹීමට යුරෝපයේ ඇමරිකානු හමුදා අණදෙන මූලස්ථානය තීරණය කර තිබේ.

භූදේශපාලනික විශ්ලේෂකයන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නේටෝ සාමාජිකයෙකු වන ඇල්බේනියාවේ චීනය සමග වන සබදතා වර්ධනය වීම මෙම තීරණයට හේතුව බවයි.

මෑතක සිට චීනය විසින් බෝල්කන් කලාපයේ රටවල් සමග සමීප සබදතා වර්ධනය කර ගනිමින් සිටින අතර මේ වනවිට එම රටවල ඩොලර් බිලියන 36 ක පමණ වටිනාකමකින් යුත් චීන ව්‍යාපෘති 135 ක් පමණ ක්‍රියාත්මක වේ.

මෙම තත්වය බෝල්කන් කලාපයේ මෙන්ම යුරෝපයේ චීන බලපෑම් තවදුරටත් ඉහළ නැංවීමට හේතුවනු ඇති බව ඇමරිකාවේ තක්සේරව වී ඇති බව පැවසේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles