USCGC ‘ඩග්ලස් මුන්රෝ’ ලංකාවේ නවතියි….

0
285

ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දෙන ලද ඇමෙරිකානු වෙරළාරක්ෂක නෞකාව “ඩග්ලස් මුන්රෝ” දීර්ඝ ගමනකින් පසුව කොළඹ වරාය වෙත පැමිණි බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 26 වැනිදා “ඩග්ලස් මුන්රෝ” නෞකාව වොෂින්ටන් නුවර සියැට්ල් වාරයේදී ශ්‍රී ලංකා නාවික හමුවදවට නිල වශයෙන් භාරදුන්නේය.

කොළඹ වරායට සේන්දු වූ ඩග්ලස් මුන්රෝ නෞකාව පිළිගැනීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සියැටල් වාරයේ සිට ගමනාන්තය වූ කොළඹ වරාය අතර දුර නාවික හමුදාවට අයත් නෞකාවක් යාත්‍රා කළ වැඩිම දුරද වේ. ඩග්ලස් මුන්රෝ නෞකාව පී-627 ධජය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවට එකතු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here