VAT නැති අත්‍යාවශ්‍ය භාණ්ඩ පළමුව සතොසෙන්..

0
421

VATඅය නොකරන අත්‍යවශ්‍ය භාණ්‌ඩ පළමුව ලංකා සතොස මගින් සහන මිලට ලබාදීමට රජය තීරණය කර ඇති බව සඳහන් වෙනවා.

රට පුරා විසිරී ඇති සතොස ශාඛා මගින් රජය විසින් නම් කරනු ලබන අත්‍යවශ්‍ය භාණ්‌ඩ සහන මිල ගණන් යටතේ පාරිභෝගිකයන්ට මිලදී ගන්න පුළුවන්. රජයේ ප්‍රකාශකයෙක්‌ මාධ්‍යට පවසා ඇත්තේ, මෙම අත්‍යවශ්‍ය භාණ්‌ඩ ලැයිස්‌තුව සහ ඒවාට අදාළ මිල ගණන් කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය මගින් ඉතා ඉක්‌මනින් ප්‍රකාශයට පත් කරන බවයි.

ඔහු වැදි දුරටත් පවසා ඇත්තේ, රජය නියම කරනු ලබන මිල ගණන්වලට භාණ්‌ඩ විකිණීමට කැමැති පෞද්ගලික වෙළෙඳසල්වලට ද ඒ සඳහා අවස්‌ථාව ලබාදීමට රජය සූදානම් බවත් එවැනි වෙළෙඳසල් ඇත්නම් ඒ පිළිබඳව රජයට දැනුම් දිය හැකි බවත්ය. එම පෞද්ගලික වෙළෙඳසල් හිමියන් රට පුරා සිය ශාඛා ඇති කිරීමට පහසුකම් ද සලසන බව ඔහු පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here