VAT බද්ධ එපා කියා, අද උතුරුමැද කඩ වැසේ…

0
352

නවVAT බදු සංශෝධනයට විරෝධය පළ කරමින් අනුරාධපුර තඹුත්තේගම සහ මැදවච්චිය යන නගරවල අද දවස පුරා සියලු වෙළෙඳ සල් සහ සාප්පු වසා තැබීමට ව්‍යාපාරිකයෝ තීරණය කර ඇති බව සඳහන් වෙනවා. අනුරාධපුර එක්‌සත් වෙළෙඳ සංගමයේ ප්‍රකාශකයෙක්‌ මාධ්‍යට පවසා ඇත්තේ, එම නගරවල වෙළෙඳ සංගම් විසින් ගන්නා ලද තීරණයකට අනුව මෙසේ වෙළෙඳ සල් සහ සාප්පු වසා තැබීමට තීරණය කොට ඇති බවයි.

මීට අමතරව, නව VAT බද්ද වහා ඉවත් කරන ලෙසට බල කර සිටිමින් අනුරාධපුර එක්‌සත් වෙළෙඳ සංගමය මගින් සංවිධානය කරන විරෝධතා පා ගමනක්‌ අනුරාධපුර පැරැණි බස්‌ නැවතුම් පළ අසල සිට නව බස්‌ නැවතුම්පළ දක්‌වා පෙරවරු 9.00 ට පැවැත්වීමටද තීරණය කර ඇති බවත් වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here