ඇන්ට්‍රික්ස්ට ඇමෙරිකානු අධිකරණයෙන් දැවැන්ත සහනයක්

0
317

ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ISRO) වාණිජ අංශය වන Antrix Corporation වෙත විශාල සහනයක් සලසමින්, එක්සත් ජනපද අභියාචනාධිකරණය, බැංගලෝරය පදනම් කරගත් දේවාස් මල්ටිමීඩියා වෙත ගෙවන ලෙස නියෝග කර තිබූ ඩොලර් බිලියන 1.2ක වන්දිය අත්හිටුවා තිබේ.
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය විසින් ලබා දුන් මෙම වන්දි නියෝගය එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයක් විසින්ද මීට පෙර තහවුරු කර තිබූ අතර එම තීන්දුවට එරෙහිව ඇන්ට්‍රික්ස් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණි.
2005 වසරේ දී අසාර්ථක වූ චන්ද්‍රිකා ගනුදෙනුවක් සම්බන්ධයෙන් මෙම නෛතික ක්‍රියාමාර්ග ගෙන තිබුණි.
මීට පෙර ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ද දේවාස් වංචනික සමාගමක් බවට තීන්දු කර තිබේ.
ජාත්‍යන්තර වානිජ මණ්ඩල තීරණය පදනම් කරගනිමින් ඇන්ට්‍රික්ස් සතු වත්කම් අත්පත් කර ගැනීම සඳහා දේවාස් කැනඩාව, ප්‍රංශය ඇතුලු රටවල් කිහිපයක නඩු ගොනු කර තිබූ අතර ඇමෙරිකානු අභියාචනාධිකරණය දුන් තීන්දුව සමග එම නඩු ද ඉවත දැමෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here