Thursday, January 9, 2025

ඉන්දියාවේ නැගීම ගැන ඔස්ට්‍රියාවේ අවධානය

විවිධ රටවල නියෝජිතයන්, ඔස්ට්‍රියානු පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් සහ ඔස්ට්‍රියාව පදනම් කරගත් විශ්ව විද්‍යාල සහ කීර්තිමත් පුද්ගලයින් වියානා නුවරට රැස්වී නැගී එන ගෝලීය බලවතෙකු ලෙස ඉන්දියාවේ වර්ධනය ගැන සාකච්චා කර තිබේ.

වියානාහි ප්‍රමුඛ උපදෙස් සපයන විශේෂඥ මණ්ඩලයක් වන යුරෝපීය සහ ආරක්ෂක ප්‍රතිපත්ති සඳහා වූ ඔස්ට්‍රියානු ආයතනය (AEIS), වියානා රාජ්‍ය තාන්ත්‍රික ඇකඩමියේ ජාත්‍යන්තර අධ්‍යයන පිළිබඳ වියානා පාසල සමඟ එක්ව ඔක්තෝබර් 11 වැනි දින “ඉන්දියාවේ වර්ධනය වන බලය ” යන මැයෙන් සාකච්ඡා සැසියක් සංවිධානය කර තිබුණි.

වියානාහි ඉන්දීය නියෝජිත ජයදීප් මජුම්දාර්, වියානා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සහ ඔස්ට්‍රියාවේ හිටපු ආරක්ෂක අමාත්‍ය සහ AEIS හි සභාපති වර්නර් ෆ්ස්ලාබෙන්ඩ් ඉන්දියාව ගෝලීය බලවතෙකු ලෙස නැගී සිටීම ගැන මෙහිදී දීර්ඝ ලෙස අදහස් පළකර ඇති බව පැවසේ.

ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය මේ වසරේ මුල් කාර්තු දෙක තුළ සියයට 13කට වඩා වැඩි වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර මේ වසරේ එරට ආර්ථිකය සියයට 7කින් ප්‍රසාරණය වීමට නියමිතයි.

ඉන්දියාව මේ වන විට එක්සත් රාජධානිය අභිබවා ලොව පස්වන විශාලතම ආර්ථිකය බවට පත්ව ඇති අතර මෙම වර්ධන වේගය සමඟ ඉන්දියාව 2027 වන විට ජර්මනිය ද 2029 වන විට ජපානය ද අභිබවා ලොව තුන්වන විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles