චීනය වියට්නාම දේශසීමාවේ ආරක්ෂාව දැඩි කරයි.

0
346

චීනය වියට්නාම දේශසීමාවේ ආරක්ෂාව දැඩි කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අනවසර සංක්‍රමණිකයන් හරහා වියට්නාමයේ සිට කොරෝනා වෛරසය රට තුළට පැමිණීම වැළැක්වීම සදහා මෙම පියවර ගෙන ඇති බවයි.

වියට්නාමයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වීම මේ වන විට කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර ඇතැම් දිනවල දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 15, 000 මට්ටමේ පවතින බව පැවසේ.

මෙම තත්වය තුළ සිය නිරත දිග දේශ සීමාව ඔස්සේ වියට්නාමයේ සිට කොරෝනා ආසාදිතයන් රට තුළට ඇතුළු වනු ඇති බවට වන සැකය මත චීනය මෙම දැඩි ආරක්ෂක විධිවිධාන අනුගමනය කර තිබේ.

ඒ අනුව , නිරිත දිග චීනයේ ගුවන්ෂි පළාත හා වියට්නාමය අතර වන දේශසීමාවේ අතිරේක මුරපොල 60 ක් පමණ ස්ථාපිත කිරීමට ද චීන බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here