Saturday, September 21, 2024

Visa, Mastercard සිය මෙහෙයුම් රුසියාවට අත්හිටුවයි

යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියාවේ මූල්‍ය පද්ධතියට එල්ල කරන ප්‍රහාරයක් ලෙස මාස්ටර්කාඩ් සහ වීසා රුසියාවේ සිය මෙහෙයුම් අත්හිටුවා ඇති බව එම සමාගම් පැවසීය.

Mastercard පැවසුවේ රුසියානු බැංකු විසින් නිකුත් කරන ලද කාඩ්පත් තවදුරටත් එහි ජාලය විසින් සහාය නොදක්වන අතර රටින් පිටත නිකුත් කරන ලද ඕනෑම කාඩ්පතක් රුසියානු වෙළඳසැල් හෝ ATM යන්ත්‍රවල ක්‍රියා නොකරනු ඇති බවයි.

වීසා හි ප්‍රධාන විධායක නිලධාරී අල් කෙලී ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “රුසියාව ප්‍රකෝපකාරී ලෙස යුක්රේනය ආක්‍රමණය කිරීම සහ අප දැක ඇති පිළිගත නොහැකි සිදුවීම් හේතුවෙන් මෙම තීරණයට එළඹීමට සිදු වූ බවයි.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, යුක්රේනයේ ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සමඟ සිදු කළ දුරකතන සංවාදයක දී, රුසියාවේ ඔවුන්ගේ මෙහෙයුම් අත්හිටුවීමට වීසා සහ මාස්ටර්කාඩ් ගත් තීරණ අගය කළ බව ධවල මන්දිරය ප්‍රකාශ කර තිබෙනවා.

ඇමරිකා ජනාධිපතිවරයා තම පරිපාලනය මගින් යුක්රේනයට ආරක්ෂාව, මානුෂීය සහ ආර්ථික ආධාර ඉහළ නංවන බවත් අමතර අරමුදල් ලබා ගැනීම සඳහා කොන්ග්‍රසය සමඟ කටයුතු කරන බවත් සඳහන් කළ බවයි ධවල මන්දිර වාර්තා කියාසිටියේ.

වීසා සහ මාස්ටර් කාඩ් ගෙවුම් සමාගම්වල මෙම පියවර උද්ධමනය, ආර්ථික දුෂ්කරතා සහ ආනයනික භාණ්ඩ මත පවතින හිඟය හමුවේ පීඩාවට පත්ව සිටින රුසියානුවන්ට තවත් දැඩි අර්බුදයක් විය හැකි බව විචාරකයන්ගේ මතය වෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles