Tuesday, October 22, 2024

පාකිස්තානයේ ආහාර අනාරක්ෂිතභාවය දරැණු මට්ටමකට

ජාතික පෝෂණ සමීක්ෂණය 2021ට අනුව, පාකිස්තානයේ ජනගහනයෙන් සියයට 36.9 ක් ආහාර අනාරක්ෂිතභාවයට ගොදුරු වී ඇති බව අනාවරණය වී තිබේ.

මෙයට මූලික වශයෙන් ගොදුරු වී ඇත්තේ ප්‍රමාණවත් සහ විවිධ ආහාර වේලක් සඳහා සීමිත ආර්ථික ප්‍රවේශයක් ඇති ජනගහනයේ දුප්පත්ම සහ වඩාත්ම අවදානමට ලක්විය හැකි කොටස් ය.

එරට වයස අවුරුදු පහට අඩු ළමුන්ගෙන් සියයට 18ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවත් සියයට 40ක් නිසි ලෙස වර්ධනය නොවීම සහ සියයට 29ක් අඩු බරින් පෙළෙන බවත් හෙළිවී ඇත.

එය කලාපයේ දෙවන ඉහළම මන්දපෝෂණ අනුපාතයක් හිමි රට බව ද හෙළි වී තිබේ.

මාස 6-23 අතර සෑම දරුවන් හත් දෙනෙකුගෙන් එක් අයෙක් පමණක් අවම වශයෙන් විවිධ ආහාර කාණ්ඩ හතරක් සමඟ ආහාර ලබා ගන්නා අතර, දළ වශයෙන් ළමුන්ගෙන් සියයට 82 කට දිනකට අවම ආහාර ප්‍රමාණය නොලැබෙන බව අනාවරණය වී ඇත.

මේ වසර තුල ගෝලීය සාගිනි දර්ශකයේ (GHI) රටවල් 116 කින් පාකිස්තානය 92 වැනි ස්ථානයට පත්ව තිබේ.

රටේ සාගින්න මට්ටම 24.7 ක් සමඟ බරපතල ලෙස වර්ගීකරණය කර ඇත.

කලාපීය මට්ටමින්, දර්ශකයේ පාකිස්තානය ඉන්දියාවට වඩා ඉහළ ශ්‍රේණිගත (ශ්‍රේණිගත කිරීම 101) කිරීමක් හිමි අතර කලාපයේ අසල්වැසි රටවල් දෙකක් වන බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව, පිළිවෙලින් 76 සහ 65 වැනි ස්ථාන සමඟ පාකිස්තානයට වඩා ඉහළ ශ්‍රේණිගත කිරීමක් හිමිකරගෙන තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles