අපිට හොඳට සැලකුවා – තෙල් බව්සරයේ රියදුරු

0
523
oil

රඹුක්කනදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ඊට මැදිවූ ඉන්ධන බවුසර් රථවල රියදුරෙක් සහ සහායකයෙක් අද (21) මාධ්‍යට අනාවරණයක් සිදු කළා. ඔවුන් සඳහන් කළේ පිරිසක් පැමිණ සිය බවුසර් රථය ඉදිරියට ධාවනය කරන්නැයි බලකළ බවයි.

බවුසර් රථයේ සහකරු,

“තෙල් ලෝඩ් එක පටවගෙන සංස්ථාවෙන් පිටවුණේ උදේ 10.30ට. 12.30 හෝ 1ට විතර තමයි අපි සමූපකාරය ඉස්සරහා රඹුක්කන ඉන්ධනහලට ගියේ. ඒ යනකොට අපිට කලින් ගිය බවුසරය ඈත තියෙනවා අපි දැක්කා. ඒත් එක්කම අපිට ඉස්සරහට යන්න සිද්ධ වුණා. පිරිස ඇවිත් අපිව ඉදිරියට රැගෙන ගියා.”

“අපිට කිසිම හානියක් කළේ කෑ.. කන්න දුන්නා..බොන්න දුන්නා. පොලීසිය සෑහෙන්න උත්සාහයක් ගත්තා බවුසර් දෙකම අයින් කරන්න. බැරිම තැන තමයි පොලීසිය කඳුළු ගෑස් ගැහුවේ.”

බවුසර් රථයේ රියදුරු,

“මම රියදුරු අසුනේ සිටියදී මිනිස්සු රෝද හතරෙම හුලං ඇරියා. ඒ නිසා පොලීසිය මට බවුසරය ඉදිරියට ගන්න කිව්වට ගන්න බැරි වුණා.”

උද්ඝෝෂකයන්ගේ පහරදීම් නිසා ඉන්ධන බවුසර් රථ දෙකට ද දැඩි හානි සිදුවි තිබෙන අතර පසුගිය 19 වනදා ඇතිවූ මෙම සිද්ධිය පාලනය කිරීමට යෑමේදී පොලීසිය සිදුකළ වෙඩතැබීමෙන් පුද්ගලයකු මියගියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here