Tuesday, December 24, 2024

ඉන්දු චීන ගැටුමෙන් ලංකාවට කුමක් සිදුවේ ද?

තම නීත්‍යානුකූල නාවික කටයුතුවලට මැදිහත් වීමෙන් ‘අදාළ පාර්ශ්ව’ වැළකී සිටිනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව චීනය ඊයේ(29) ප්‍රකාශ කළේය.

ලබන අගෝස්තු 11 දින ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට ළඟා වීමට නියමිත අභ්‍යවකාශ සහ චන්ද්‍රිකා නිරීක්ෂණ කටයුතුවල නිරත යුවාන් වැන්ග් 5 චීන පර්යේෂණ නෞකාවේ ක්‍රියාකාරකම් පිළිබඳ ඉන්දියාව අවධානයෙන් සිටින බවට නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර ලෙස චීනය මෙම ප්‍රකාශය සිදු කළේය.

ආසියාවේ සිට යුරෝපයට ගමන් කිරීමට යොදා ගන්නා ප්‍රධාන නැව් මාර්ගය ආසන්නයේ පිහිටා ඇති හම්බන්තොට වරාය චීනය හමුදා කඳවුරක් ලෙස යොදා ගනීවි යැයි ඉන්දියාව කණස්සල්ලෙන් පසුවන බව රොයිටර්ස් පුවත් සේවය පෙන්වා දුන්නේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles