15 වෙනිදා ඉඳන් නෙළුම් පොහොට්ටුට වෙන දේ…

0
396

නෙළුම් කුළුණේ මෙහෙයුම් කටයුතු සැප්තැම්බර් 15 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

එම නෙළුම් කුළුණේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමග ජනතාවට නවමු අත්දැකීම් රැසක් ලබාදීමට කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගම කටයුතු යොදා ඇත.

මෙහි ප්‍රවේශ පත්‍රයක් රුපියල් 500ක් සහ රුපියල් 2000ක් වන අතර විදේශිකයෙකු විසින් එක්සත් ජනපද ඩොලර් 20ක ප්‍රවේශ පත්‍රයක් ලබාගත යුතු වේ.

රුපියල් දෙදහසේ ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා ඕනෑම අයෙකුට පෝළිම්වල රැදී නොසිට පරිශ්‍රයට ඇතුළුවිය හැකි අතර අවස්ථා කිහිපයක් වුවද කුළුණේ ඉහළට යා හැක බවත් රුපියල් 500 ප්‍රවේශ පත්‍රය ලබාගන්නා අයෙකුට කුළුනේ ඉහළට යා හැක්කේ එක් වතාවක් පමණක් බවත් එම නිවේදනයේ සදහන් වේ.

ඉදිරි මාස කිහිපයේදී ප්‍රවේශ පත්‍රය වෙනුවට QR කේතයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here