WHO අනතුරු ඇඟවීම

0
549
ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදිතයින්, මිලියන 200කට වැඩි සංඛ්‍යාවක් ඉදිරි සති කිහිපය තුළ ලොව පුරා වාර්තා විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) පවසයි.

එම සංවිධානය සඳහන් කළේ, මේ වනවිට ලොව පුරා රටවල් සහ කලාප 124කින් ඩෙල්ටා ප්‍රභේද ආසාදිතයින් හඳුනාගෙන ඇති බවය.

ඉදිරියේදී මෙම කොරෝනා වෛරස් ප්‍රභේදය, ගෝලීය වශයෙන් ප්‍රමුඛ කොරෝනා ප්‍රභේදය බවට පත්වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකථනය කර තිබේ.

විශේෂයෙන් යුරෝපයේ සහ බටහිර පැසිෆික් කලාපයේ කොරෝනා ආසාදිතයින් ඉහළ යමින් ඇතැයි ද එම සංවිධානය පෙන්වා දෙයි.

සමහර බටහිර රටවල් මරණ සංඛ්‍යාව අඩු වීම නිසා පනවා ඇති කොරෝනා සීමාවන් ලිහිල් කිරීමට ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.

කෙසේ වෙතත් එන්නත්කරණය මන්දගාමීව සිදු කරන රටවලට එලෙස කොරෝනා සීමාවන් ලිහිල් කිරීම ඉදිරියේදී තර්ජනයක් විය හැකි බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here