ලබන මාසෙ රාජ්‍ය සේවකයින්ට පඩි නැති වෙයි?

0
886

දැනට තිබෙන තත්ත්වය අනුව ආණ්ඩුවට ලබාගත හැකි ණය උපරිම සීමාවට ලඟා වී ඇති බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කර තිබනවා.

ආණ්ඩුවට ණය ගත හැක්කේ ට්‍රිලියන 2.9 පමණක් බවත් ඒ සීමාව ට‍්‍ර්ලියන හතරක් දක්වා ඉහළ දැමිය යුතුව ඇති බවත් හෙතෙම කැබිනට් මණ්ඩලයට පෙන්වා දී තිබේ.

ණය සීමාව ඉහල දමා නොගතහොත් ලබන මාසයේ සිට රජයේ සේවකයන්ගේ පඩි ගෙවීමට වත් මුදල් නැති බව ද හෙතෙම සඳහන් කර ඇත.

නමුත් ණය සීමාව ඉහළ දැමීමට නම් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු වුවද මේ මොහොතේ එය කර ගැනීමට බැරි තත්ත්වයක ආණ්ඩුව සිටින බවද මුදල් අමාත්‍යවරයා පවසා ඇත.

මුදල් අමාත්‍ය අලි සබ්රි මේ බව පවසා ඇත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති හදිසි කැබිනට් රැස්වීමේදී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here