කැබිනට් ඇමති ධුර වල සාමුහිකත්වය බිදිමින් කැබිනට්
තීරණයක් ප්‍රසිද්ධියේ විවේචනය කළ ඇමතිවරුන්
එම ධුරයන් ගෙන ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන්
ඉල්ලා සිටීමට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු සාකච්ඡාවක් පවත්වමින් සිටියි.
වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් කැබිනට් තීන්දුවක් ප්‍රසිද්ධියේ විවේචනය කිරීම යන චෝදනාව මත ඔවුන් ඉවත් කළ යුතු බවට ඔවුන් අතර සාකච්ඡා වෙමින් තිබේ.
ජනාධිපතිවරයා දැනට නිරත වන යුරෝපා සංචාරය නිමවා මෙරට මෙරටට පැමිණි පසු මේ සම්බන්ධයෙන් ඔහු වෙත කරුණු ඉදිරිපත් කිරීමට මෙම මන්ත්‍රී පිරිස සූදානම් වෙමින් සිටී.
ඔවුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමගද මේ පිළිබදව සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ
ඇමතිධුර අතහැර ඕනෑම දෙයක් සමාජය හමුවේ පවසන්නයි පසුපෙළ මන්ත්‍රීන් මේ වන විට එම ඇමතිවරුන් තිදෙනාට ප්‍රසිද්ධියේම පවසා ඇත