සීත සෘතු ඔලිම්පික් උළෙලට සමගාමීව චීනයෙන් තහංචි

0
346

බීජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලට පෙර අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තවදුරටත් සීමා කිරීමට චීනය ක‍ටයුතු කරමින් සිටින බව වාර්තාවේ .

ප්‍රමුඛ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන නීතීඥ ෂී යෑන් සහ ලේඛක යෑන් මාඕඩොන්ග් හදිසියේ රඳවා තබා ගැනීමට කටයුතු කර ඇත්තේ මේ සම්බන්ධයෙන් විසංවාදී අදහස් මතුකරන්නට උත්සහ දැරීම නිසා බව පැවසේ.

මේ අතර ඇතැම් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ සහ සමහර විද්වතුන්ගේ WeChat සමාජ මාධ්‍ය ගිණුම් අවහිර කිරීමට ද චීන බලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

මේ අතර ඇතැම් බටහිර බලවතුන් චීනයේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම්වලට එරෙහිව රාජ්‍ය තාන්ත්‍රික වර්ජනයක් දියත් කර ඇති අතර සයිබර් ආරක්ෂණ ආයතන රැසක් උළෙල අතරතුර සිදුවිය හැකි ඩිජිටල් නිරීක්ෂණ අවදානම් ගැන ඊට සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අනතුරු අඟවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here