ඔලිම්පික් උළෙලේ වංචා රැසක්.

0
480

මේ දිනවල චීනයේ බෙයිජිංහි පැවැත්වෙන සීත සෘතු ඔලිම්පික් උළෙල ආශ්‍රිතව විවිධාකාරයේ වංචාකාරී ක්‍රියාවන් රැසක් සිදුවන බව අනාවරණය වී තිබේ.

වංචාකරැවන් ප්‍රධාන වශයෙන් විවිධ වෙබ් අඩවි භාවිතා කරමින් මෙම වංචා සිදුකරන බවත් එහිදී ව්‍යාජ දිනුම් ඇදීම්, ක්‍රීඩා ප්‍රවේශපත්‍ර ජාවාරම් සහ ව්‍යාජ සිහිවටන වංචාවන් සිදුවන බවත් හෙළිවී ඇත.

අවශ්‍යතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පරිත්‍යාග සිදුකරන මුවාවෙන් සිදුකෙරෙන වංචාවන් පිළිබදව ද තොරතුරැ හෙළිවී ඇතැයි චීන බලධාරීන් අනාවරණය කර තිබේ.

මේ පසුබිම තුළ , ශීත ඍතු ඔලිම්පික් නිල වෙබ් අඩවිය හෝ නිල බලධාරීන් මත පමණක් විශ්වාසය තබා කටයුතු කරන ලෙස චීන බලධාරීන් විශේෂ දැනුම්දීමක් සිදුකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here