Saturday, September 21, 2024

මිනියන්ස් අවසන් ජවනිකාව වෙනස් වෙයි?

සුප්‍රකට අමෙරිකානු පරිඝණක සජීවීකරණ ප්‍රහසන මිනියන්ස් චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටයේ අවසන් ජවනිකාව වෙනස් කිරීමේ පුවතක් චීනයෙන් වාර්තා වෙයි.චීනය එලෙස වෙනස්කම් සිදුකර ඇත්තේ “The Rise of Gru” නම් චිත්‍රපටයේයි.

විදෙස් මාධ්‍ය පැවසුවේ චීනයේ පාලක පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂයේ බලපෑම මත එම වෙනස්කම් සිදුව ඇති බවයි.

චිත්‍රපටයේ එන චරිත දෙකක් පොලිසියට විරුද්ධව සටන් කරන ජවනිකා තිබීම එහි අවසන් ජවනිකාව වෙනස් කිරීමට හේතු වී තිබේ.

චීනය තුල පොලිසියට හෝ ආරක්ෂක අංශ වලට විරුද්ධ මත ප්‍රකාශ නොකරන අතර චිත්‍රපට හෝ රසාස්වාදය ගෙන එන එවැනි ප්‍රදර්ශන වලද ආරක්ෂක අංශවලට එරෙහි දර්ශන විකාශය නොකරයි.

එබැවින් මෙම චිත්‍රපටයේ ද අවසානය වෙනස් කර චීනය තුළ ප්‍රදර්ශනය ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles