Friday, September 20, 2024

X-press Pearl නැවෙන් ගොඩගැසූ ප්ලාස්ටික් කැට ගැන තීරණයක් ගන්නේ නීතිපති උපදෙස් අනුවයි

X-press Pearl නැවෙන් වෙරළට ගොඩගසන ලද ප්ලාස්ටික් කැට තොගය  (Pallets)   සම්බන්ධව අවසන් තීරණයක් ගන්නේ නීතිපතිතුමන්ගේ හා ඒ සම්බන්ධව පත් කරන ලද කමිටුවේ  උපදෙස් අනුව බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ වෙරළට ආසන්නව ගිනිගෙන මුහුදු බත් වූ X-press Pearl නැවේ තිබී  වෙරළට පාවී ආ ප්ලාස්ටික් කැට (Pallets)  විශාල තොගයක් මේ වනවිට එක් රැස් කර මධ්‍යම පරිසර අධිකාරියේ අධික්ෂණය යටතේ ගබඩා කර ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (09) ZOOM තාක්ෂණය ඔස්සේ පැවැති X-press Pearl නෞකාවෙන් සිදුවූ හානිය පිළිබඳ  ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකට සහභාගි වෙමින් පැවසීය.

මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලබා දී  ඇති තොරතුරු අනුව මේ වනවිට ප්ලාස්ටික් කැට මෙට්‍රික් ටොන් 1400කට ආසන්න තොගයක් බහළුම් 40කට ආසන්න ප්‍රමාණයක තැන්පත් කර එම බහළුම් හැඳල ප්‍රදේශයේ අංගනයක රඳවා තිබේ.

මෙම ප්ලාස්ටික් තොගය ප්ලාස්ටික් නිෂ්පාදන කටයුතු සඳහා යොදවා ගත හැකි බැවින් ප්ලාස්ටික් නිෂ්පාදන සමාගම් හා ඇතැම්  පාර්ශ්ව විසින් ඉල්ලා සිටින බව පරිසර අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේ දී කීය. නමුත් එම ප්ලාස්ටික් තොගය සම්බන්ධව  අවසන් තීරණයක් ගනු ලබන්නේ නීතිපතිතුමන්ගේ සහ X-press Pearl නෞකාවෙන් සිදුවු හානිය සම්බන්ධව සොයා බැලීම සඳහා ජනාධිපතිතුමන් විසින් පත් කළ කමිටුවේ නිර්දේශ අනුව පමණක් බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

X-press Pearl නෞකාවෙන් සිදු වු හානිය සම්බන්ධව ක්‍රියාත්මක වන අධිකරණමය කටයුතුවල දී මෙම ප්ලාස්ටික් තොගය නඩු භාණ්ඩයක් වශයෙන් වැදගත් වන බව කීය. ඒවා ආරක්ෂිතව රැක බලා ගැනීමට තමන් මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දුන් බවත්, එම නිලධාරින් විසින් එම කටයුතු ඉතා හොඳින් සිදු කරන බවත් මෙම සාකච්ඡාවේ දී අනාවරණය කළේය.

Zoom තාක්ෂණය ඔස්සේ පැවැති මෙම ප්‍රගති සමාලෝචන සාකච්ඡාව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් මෙහෙයවනු ලැබීය.  ඊට ධීවර අමාත්‍යාංශය, නාරා ආයතනය, සාගරික පරිසර ආරක්ෂණ අධිකාරිය , මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ආයතන ගණනාවක සහභාගිත්වයෙන් පැවැතිනි.

Rythem World News

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles