කොළඹ වරාය ආසන්නයේ දී ගිනි ගෙන මුහුදුබත් වූ X-PRESS PEARL නෞකාවේ සුන්බුන් ඉවත් කිරීම ලබන මාසය වන විට ආරම්භ කිරීමට හැකිවෙනු ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී, නීතිඥ දර්ශනී ලහදපුර BBC පුවත් සේවයට සඳහන් කර තිබෙනවා.
බීබීසී වාර්තාවේ සඳහන් වන්නේ නෞකාවේ තිබු ඉතා කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් කොටස් හා වෙනත් අපද්‍රව්‍ය මන්නාරමේ සිට කිරින්ද දක්වා වෙරලට තවමත් ගොඩ ගසමින් පවතින අතර තවත් මාස හයක් පමණ වෙරළ පිරිසිදු කිරීමට සිදුවනු ඇති බවයි.
ඇතැම් ස්ථානවල වෙරළේ අඩි හයක් පමණ ගැඹුරට ස්ථර 15ක් පමණ ප්ලාස්ටික් ඇතුළු අපද්‍රවය තැන්පත්ව තිබෙන බවත් එහි දැක්වෙනවා.