Tuesday, October 22, 2024

තායිවානයට එරෙහි හමුදා බලය වැඩි කෙරේ.

තායිවානය ආක්‍රමණය කිරීමට සිදුවුවහොත් ඊට අවශ්‍ය වන පරිදි යුධ ශක්තිය වර්ධනය කර ගන්නා ලෙස චීන ජනාධිපති සී ජින්පින් එරට හමුදාව නියෝග කර ඇතැයි අමෙරිකාවේ CIA සංවිධානය අනාවරණ කර තිබේ.

CNN නාලිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් CIA සංවිධානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ David Cohen පැවසුවේ එලෙස තායිවානය ආක්‍රමණය කිරීමට චීන ජනාධිපතිවරයා මෙතෙක් අවසන් තීරණයකට එළඹ නොමැති බවයි.

එවැනි අවස්ථාක් සදහා සූදානම් වන ලෙසට හමුදාවට අණ දී ඇත්තේ ඒ හරහා තමන්ට අවශ්‍ය දේ සිදු කිරීමට චීන ජනාධිපතිවරයාට හැකි නිසා බව ද CIA සංවිධානයේ නියෝජ්‍ය ප්‍රධානියා පෙන්වා දෙයි.

2027 වසර වන විට තායිවානය ආක්‍රමණය කළ හැකි පරිදි චීන හමුදාවේ යුද ශක්තිය වර්ධනය කිරීම චීන ජනාධිපතිවරයාගේ අරමුණ වී ඇති බව ද CIA සංවිධානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ David Cohen අදාල සම්මුඛ සාකච්ඡාවේදී පෙන්වා දී තිබේ.

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම හමුවේ තායිවානය ආක්‍රමණය කිරීමේ චීනයේ අපේක්ෂාවන් තවත් වර්ධනය වූ බව අමෙරිකාවේ ඉන්දු – පැසිෆික් කලාපීය අණදෙන නිලධාරී John Aquilino අනතුරු අගවා තිබේ.

යුක්රේන ආක්‍රමණය හේතුවෙන් චීනය තවත් නිර්භීත වී සිටින නිසා තායිවානය ඉලක්ක කර ඕනෑම අවස්ථාවක ප්‍රහාරකට ඔවුන්ට සූදානම් විය හැකි බව ද ඔහු පෙන්වා දී තිබේ.

කෙසේවෙතත් චීනයේ තර්ජන හමුවේ තායිවානය පවසන්නේ චීනයේ එක රටක් යන ප්‍රතිපත්ති පිළිගැනීමට කිසිසේත් සූදානම් නොමැති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles