Saturday, September 21, 2024

Yahoo පරිශීලකයන් මිලියන 500කගේ දත්ත සොරාගෙන

යාහූ සෙවුම් යන්ත්‍රය භාවිත කරන මිලියන 500කට වැඩි පරිශීලකයන්ගේ දත්ත කිසියම් රජයක සහයෝගය ලද හැකර්වරු පිරිසක් විසින් සොරාගෙන ඇති බවත්, එය ඉතිහාසයේ විශාලතම සයිබර් දත්ත සොරකම බවත් යාහූ සමාගම පවසයි.

මෙම සයිබර් දත්ත සොරකමේදී, යාහූ පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු හැකර්වරුන් සොරාගෙන ඇති අතර, මෙම හැකර් ප්‍රහාරය 2014 වසරේදී සිදුව තිබුණත් එය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ දැන්ය.

එමෙන්ම, ලෝක ඉතිහාසයේ සිදුවූ දැවැන්ත සයිබර් දත්ත සොරකම සම්බන්ධයෙන් පරීක්ෂණයක් අරඹා ඇති බව FBI ආයතනයද පවසයි.

සොරාගෙන ඇති දත්ත අතර යාහූ පරිශීලකයන්ගේ නම්, ඉමේල් ලිපින, දුරකථන අංක, උපන් දින සහ කේතකරණය නොකළ මුරපද පවතින බවද කියයි. කෙසේ වෙතත්, ක්‍රෙඩිට් කාඩ් දත්ත මෙහිදී සොරාගෙන නොමැති බවද යාහූ සමාගම පවසයි.

ඔවුන් විශ්වාස කරන ආකාරයට මෙය කිසියම් රජයක මැදිහත් වීමකින් සිදුව ඇති දත්ත සොරකමක් බවත්, ඊට වගකිව යුතු රජය කුමක්ද යන්න තමන්ට මෙතෙක් අනාවරණය වී නොමැති බවත් එම සමාගම වැඩිදුරටත් පවසයි.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles