YouTube ආයතනය වීඩියෝ මිලියනයකට ඉහළ ප්‍රමාණයක් ඉවත් කරයි

0
396

යූටියුබ් ආයතනය විසින් මිලියනයකට ඉහළ යූටියුබ් වීඩියෝ ප්‍රමාණයක් ඉවත්කර තිබෙනවා.

එලෙස ඉවත්කර තිබෙන්නේ කොරෝනා වයිරසය පිළිබද අසත්‍ය පුවත් ඇතුළත් කරමින් පළකල වීඩියෝ බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ

“ගෝලීය වසංගතයක් මධ්‍යයේ,සෑම කෙනෙකුම තමා සහ තම පවුල් ආරක්ෂාකාරීව තබා ගැනීම සඳහා ලබා ගත හැකි හොඳම තොරතුරුවලින් සන්නද්ධ විය යුතුයි.”යනුවෙන් යූටියුබ් ආයතනය මේ සම්බන්ධයෙන් නිවේදනයක්ද නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

කොරෝනා වෛරසය සහ වෙනත් මාතෘකා සම්බන්ධයෙන් වැරැදි සහ හානිකර තොරතුරු ප්‍රචාරය වීම වැළැක්විමට ප්‍රමාණවත් පියවර නොගත් බවට තමන්ට දේශපාලන නායකයන්ගෙන් චෝදනා එල්ල වී තිබු බව ද යූටියුබ් ආයතනය සඳහන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here