ජම්මු කාශ්මීරයේ ත්‍රස්තවාදය බිමටම සමතලා වෙයි.

0
310

ඉන්දීය ව්‍යවස්ථාවේ 370 ව්‍යවස්ථාව අහෝසි කිරීමෙන් පසු, ජම්මු සහ කාශ්මීරය බොහෝ දුරට ස්ථාවර ආරක්ෂක වාතාවරණයක් සහ දේශපාලන ශක්තිමත්භාවයක් අත්විඳිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය ඵලදායී පාලනයක් සඳහා ඉන්දියානු රජය විසින් ගෙන එන ලද බහු-ස්ථර ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය හේතුවෙන් එහි ඉහළ ආර්ථික වර්ධනයට සහ සංවර්ධනය වැඩි කිරීමට හේතු වී ඇති බව සදහන් වේ.

දිගුකාලීන විනිවිදභාවය, වගවීම සහ ත්‍රස්තවාදය සහ බෙදුම්වාදය කෙරෙහි දැඩි ක්‍රියාමාර්ග ගැනීම ජම්මු සහ කාශ්මීරය සංවර්ධනයේ සහ ස්ථාවර සාමයේ නව යුගයකට යොමුවීමට කිරීමට මූලික අඩිතාලම බව විචාරක මතය වී තිබේ.

ඉන්දීය ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය අහෝසි කිරීම පිටුපස මධ්‍යම ආණ්ඩුවේ මූලික අරමුණක් වූයේ බෙදුම්වාදය මුලිනුපුටා දැමීම සහ ත්‍රස්තවාදය අවසන් කිරීමයි.

මෙම පරමාර්ථය සාක්ෂාත් කර ගැනීම සඳහා සියලුම බෙදුම්වාදී නායකයින් බෙදුම්වාදය සහ පාකිස්තාන ගැති මතවාදය මත පිහිටා කටයුතු කිරීම සහ ක්‍රියාත්මක කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිරගත කරන ලදී.

වසර තුනකට පසු, ඉන්දීය රජය බෙදුම්වාදී දේශපාලනය මැඬලීමේ ප්‍රතිපත්තිය සාර්ථක කරගැනීමට සමත් වී ඇති බව එරට වාර්තාවල දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here