Wednesday, October 23, 2024

‘ලක්සඳ සෙවණ’ මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට

කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත නාගරික ප‍්‍රදේශ සුහුරු නාගරික ප‍්‍රදේශ බවට පත් කිරීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීම අනුව නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් ක‍්‍රියාත්මක කරනු ලබන ‘දිවිසරු පුරවර’ ව්‍යාපෘතියට සමගාමීව කොළොන්නාව සාලමුල්ලේ ඉදිකරන ලද නිවාස ඒකක 396 කින් සමන්විත ‘ලක්සඳ සෙවණ’ මහල් නිවාස සංකීර්ණය දෙවන අදියර ජනතා අයිතියට පැවරීම මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමාගේ ආරාධනයෙන් අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂමන් කිරිඇල්ල මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2017 මාර්තු මස 02 වන දින පෙ.ව. 9.30ට සිදු කිරීමට නියමිතය.

රුපියල් මිලියන 1188 ක වියදමින් ඉදිකරන ලද මෙම ව්‍යාපෘතියේ නිවාස ඒකකයක් සඳහා විසිත්ත කාමරයක්, නිදන කාමර 02ක්, කුස්සියක්, ටයිල් අතුරන ලද නාන කාමරයකින් හා කුඩා සඳලුතලයකින් සමන්විත වේ. තවද විදුලි සෝපාන, ප‍්‍රජාශාලා හා වාහන නැවතුම් අංගන පොදු මංමාවත් ආදියද මෙම නිවාස ව්‍යාපෘතීන් තුළ අන්තර්ගත වේ. මෙම ව්‍යාපෘතිය මගින් කැළණි ගං ඉවුරේ නිරන්තරයෙන් ගංවතුරෙන් පීඩාවට පත්වන සේදවත්ත සහ වදුල්ලවත්ත ප‍්‍රදේශවාසීන්ට නිවාස ලබාදීමට පියවරගෙන තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles