Saturday, July 27, 2024

අපේ දූපත හොඳම දහතුනට….!

ලොව හොඳම සංචාරක දූපත් අතරට ශ්‍රී ලංකාවද නම්කර තිබෙනවා. ඒ, ලොව ප්‍රකට සංචාරක වෙබ් අඩවියක් වන බිග් සෙවන් ට්‍රැවල් වෙබ් අඩවිය මඟින්. එම වෙබ් අඩවිය සංචාරකයන් සඳහා විවිධ මාතෘකා ඔස්සේ සංචාරයට අවැසි මගපෙන්වීම් කරන ආයතනයකි.

ඔවුන් දූපත් රටවල් 50 ක් නම්කර ඇති අතර සංචාරය කිරීමට සුදුසු ලොව හොඳම දූපත් රටවල් අතුරෙන් එකක් ලෙස එහිදී ශ්‍රී ලංකාව ද නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. 

එම ලැයිස්තුවේ ශ්‍රී ලංකාව නම් කර ඇත්තේ 13 වන ස්ථානයටයි. 

ශ්‍රී ලංකාව ඉදිරියෙන් බහමාස්, ඔස්ට්‍රේලියාව, ඉන්දුනීසියාවේ, ප්‍රංශයේ, ඉක්වදෝරයේ, ග්‍රීසියේ, තායිලන්තයේ සහ පෘතුගාලය ඇතුලු රටවල් කිහිපයක් නම් කර තිබෙනවා.

මෙම වර්ගීකරණයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ 2023 වසරේ දී සංචාරකයින් වෙනුවෙන් ඇති අවස්ථායි. 

ඒ අනුව සංචාරකයින්ට ඇති මිත්‍රශීලි ආගන්තුක සත්කාර, ප්‍රණීත ආහාර පාන ලැබීමට මෙන්ම සුන්දර වෙරළතීරය, පෞරාණික නටඹුන්, තේ වතු, වනජීවී උද්‍යාන නැරඹීමේ හැකියාව ද ශ්‍රී ලංකාව තුළ පවතින බවයි අදාළ වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ.

https://www.enjoytravel.com/us/travel-news/places-to-visit/50-best-islands-in-the-world

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles