Saturday, July 27, 2024

‘අස්වැසුම’ ජනතාව අස්වැසීමට තීරණය කරයි!

අස්වැසුම’ සුබසාධන යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ ලාභීන් සම්බන්ධයෙන් අභියාචනා ලක්‍ෂයක් පමණ අද (27) දිනය වන විට ලැබී ඇති බවත් ඒ අතර විරෝධතා 6,000 ක පමණ ද ඇති බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසීය.

‘අස්වැසුම’ සුබසාධන යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ ලාභීන්ගේ ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමත් සමඟ දුන් අභියාචනා කාලය තුළ මෙම අභියාචනා ලක්‍ෂය ලැබී ඇති බවත් අභියාචනා සහ විරෝධතා සංඛ්‍යාව මීට වඩා ඉහළ යා හැකි බවත් එම මණ්ඩලය සඳහන් කරයි. 

මේ සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම විශේෂ කවුළුවක් වහාම ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇති බවත්, සියලු දුක්ගැනවිලි සහ යෝජනා භාරගන්නා බවත් නිවේදනය කර ඇත.

විවිධ කණ්ඩායම් වල දේශපාලන බලපෑම් වලට හසු නොවී කටයුතු කරන්නැයිද ෂෙහාන් සේමසිංහ මහතා ඉල්ලා සිටියේය.

අභියාචනා ලබාදීමෙන් පසු සුදුස්සන් තෝරා ගැනීමේ අවසන් ලේඛනය සකස් කරන බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles