Saturday, July 27, 2024

ආනයනයට බියවී දේශීය කුකුලෝ මිල බස්සති!

දේශීය කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100 කින් අඩු කිරීමට දේශීය කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් එකඟතාව පළ කර තිබෙනවා.

ඔවුන් මේ බව ප්‍රකාශ කළේ කුකුළු මස් ආනයනය කිරීමට ආණ්ඩුව අවසර ලබාදීමේ තීරණයෙන් පසුවවීම විශේෂත්වයක්.

දේශීය කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සහ පාරිභෝගිකයින්ට අවම මිලක් යටතේ කුකුළු මස් පාරිභෝජනය කිරීමට අවස්ථාව සැලසීම ඉළක්ක කරමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද සාකච්ඡාවක් පැවැත්වුණා.

ඊට කුකුළු මස් කර්මාන්තයේ ප්‍රධාන නිෂ්පාදකයින් සහභාගී වුණා.

කුකුළු මස් ආනයනය කළහොත් දැනට ස්වයංපෝෂිත මට්ටමේ තිබෙන මෙම දේශීය කර්මාන්තය මුළුමනින්ම කඩා වැටිය හැකි බවයි අමාත්‍ය මහින්ද අමරවීර මෙහිදී පෙන්වාදී ඇත්තේ. 

මේ වනවිට වෙළෙඳ පොළේ කුකුළු මස් මිල ඉහළයාමට ආනයනික බඩඉරිඟු කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා ඇති රුපියල් 75ක ආනයනික බද්ද හේතුවී ඇති බව කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් පවසා තිබෙනවා.

එම බද්ද රුපියල් 25ක් දක්වා අඩු කළහොත් කුකුළු මස් කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 100කින් අඩු කිරීමට හැකි බවයි ඔවුන් පවසා ඇත්තේ.

ඒ අනුව ආනයනික බඩඉරිඟු සඳහා වන බද්ද රුපියල් 25 දක්වා අඩු කිරීමට එකගතාව පළවූ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles