Friday, April 19, 2024

ඉන්දියාවට අඩුම ගමන් ගාස්තුවක්…! 22500/- යි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාව ලබන මාසයේ (ජනවාරි) සිට ආරම්භ කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම මගී බෝට්ටු යාපනය දිස්ත්‍රික්කයේ කන්කසන්තුරේ වරායේ සිට ඉන්දියාවේ පුදුච්චේරි දක්වා යාත්‍රා කිරීමට නියමිතය.

මෙම බෝට්ටු සේවාව සඳහා ඉන්දීය රජය කැමැත්ත පළ කර ඇති බව වරාය සහ නාවික ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පැවසීය. සංචාරක ක්ෂේත්‍රය නංවාලීමට මෙන්ම දෙරට අතර සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමට ද මෙම මගී යාත්‍රා සේවය මගින් හැකිවේ.

දෙරට අතර සම්බන්ධතාව වැඩිදියුණු කිරීමේ ඉල්ලීම් කිහිපයක් සැලකිල්ලට ගනිමින් මෙම මගි බෝට්ටු සේවාව ආරම්භ කෙරේ. ඉදිරියේදී දකුණු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය සහ කොළඹ දක්වා ද සේවා ආරම්භ කිරීමට ද ශ්‍රී ලංකා රජයේ අවධානය යොමු වී ඇත.

මෙම මගී බෝට්ටු සඳහා ඉන්දියාවේ පුදුච්චේරි දක්වා නාවික සැතපුම් 56ක් යාත්‍රා කිරීමට පැය තුනහමාරක පමණ කාලයක් ගතවනු ඇති අතර එක් ගමන් වාරයකදි මගීන් තුන්සියයත් (300) ත්, හාරසීයයත් (400) ත් අතර පිරිසක් රැගෙන යනු ඇත. මේ සඳහා රුපියල් 22500ක මුදලක් ආසන්න වශයෙන් ඩොලර් 60 ක මුදලක් අයවනු ඇති අතර, ඒක් මගියෙකු සඳහා කි.ග්‍රෑ 100ක බර ප්‍රමාණයක්ද ඊට අනුමත වී තිබේ.

කේකේඒස් (කන්කසන්තුරෙයි) වරාය සංවර්ධනය වීමත් සමග උතුර හා බැඳුනු සංචාරක පාරාදීසයක් මින් ආරම්භ වනු ඇතැයි ඔවුහු විශ්වාස කරති.

මූලාශ්‍ර –

https://www.sundayobserver.lk/2022/12/18/business/ferry-service-between-kks-puducherry-next-year

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles