Saturday, July 27, 2024

ඉන්දු – පාකිස්ථාන තරග ලංකාවේ..!

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ කොටසක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

ඒ, ආසියානු කුසලානයේ සත්කාරකත්වය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පැවති මත ගැටුම් නිම කරමින්.

2023 ආසියානු කුසලානයේ සත්කාරකත්වය හිමිවූයේ පකිස්තානයටයි.

එහෙත් තරග සඳහා සහභාගී වීමට පකිස්තානයට පිටත්ව යාම ඉන්දියාව ප්‍රතික්ෂේප කිරීමත් සමග ආසියානු කුසලානය පැවැත්වීම සම්බන්ධයෙන් අර්බුදයක් මතුවුණා.

ඒ අනුව පකිස්තානය තීරණය කලේ සත්කාරකත්වය තමන් සතුව තබා ගනිමින් ඉන්දියාව සහභාගී වන තරග වෙනත් රටක පැවැත්වීමටයි.

එහිදී පකිස්තානයේ යෝජනාව වූයේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයයි.

එහෙත් ඊට ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය විරුද්ධ වීමත් සමග තවත් අර්බුදයක් මතුවුණා.

එම විරෝධයට හේතු වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවතින උණුසුම් කාලගුණය හේතුවෙන් ලෝක කුසලානය අභියස ක්‍රිඩකයින් පත්වන අපහසුතාව සැලකිල්ලට ගනිමින්.

ඒ අනුව දැන් පකිස්තානය යෝජනා කර ඇත්තේ තරගාවලියේ ඉන්දියාව සහභාගි වන තරග ශ්‍රී ලංකාවේ පැවැත්වීමයි.

ඊට අදාල යෝජනාවට බොහෝ දුරට ආසියානු ක්‍රිකට් කවුන්සලය අනුමැතිය පලකරනු ඇති බවටයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කලේ.

එසේ වුවහොත් ක්‍රිකට් ලොව වැඩිම අවධානය යොමුවන උණුසුම් තරග වන ඉන්දු – පකිස්තාන තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇති. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles