Saturday, April 20, 2024

ඉන්ධන මිල අඩුවේ…!

භූමිතෙල් සහ ලංකා සුදු ඩීසල මිල ඊයේ (02) මධ්‍යම රාත්‍රීයේ සිට පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතීගත සංස්ථාව තීරණය කළේය.

භූමිතෙල් රුපියල් 10/-කින්ද ලංකා සුදු ඩීසල් රුපියල් 15/-කින්ද මිල පහත දැමීමට ඛනිජ තෙල් නීතීගත සංස්ථාව තීරණය කිරීමෙන් අනතුරුව අයි.ඹ්.සී සමාගමද භූමිතෙල් සහ ලංකා සුදු ඩීසල මිල අද මධ්‍යම රාත්‍රීයේ සිටම ඊට සමාන මිලකින්ම පහත දැමීමට තීරණය කළේය.

ඒ අනුව රුපියල් 365/-ක්ව පැවැති භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 355/-ක් වන අතර රුපියල් 420/-ක්ව පැවැති ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405/-ක් වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles