උසස් පෙළ වෙනුවෙන් විදුලි සහනයක් දෙන්න – මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලීමක්

0
289

අද දිනයේද පැය දෙකක විදුලි කප්පාදුවක් සදහා මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව එක් එක් කලාපවල දිවා කාලයේදී මිනිත්තු 40ක් සහ රාත්‍රී කාලයේදී පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බවයි මහජන උපයෝගිතා කොමිසමේ නිවේදනය කළේ. 

මේ අතර උසස් පෙළ විභාගය පැවැත්වෙන ඊයේ දිනයේ සිට පෙබරවාරි මස 17 වනදා දක්වා කාලසීමාව තුළ විදුලිය විසන්ධි කිරීම වළක්වාලීමට අවශ්‍ය සුදුසු පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයෙන් සහ මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මානව හිමිකම් කොමිසම එම ඉල්ලීම කර ඇත්තේ එම කොමිසමේ සභාපති, විනිසුරු රෝහිණී මාරසිංහගේ අත්සනින් අදාළ ආයතන වෙත ලිපියක් යොමු කරමින්. 

පොස උසස් පෙළ විභාගය ආරම්භ දිනයේ පවා  විදුලි කප්පාදුවක් කරන්නට ආණ්ඩුව තීන්දුකොට ඇති බවත් දරුවන්ගේ අනාගතය අඳුරේ හෙළන විදුලි කප්පාදුව වහා නතර කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

මේ තරම් අන්තනෝමතික සහ අකාරුණික තීන්දුවක් ආණ්ඩුව විසින් ගැනීම විමතියට කරුණක් නොවන්නේ ආණ්ඩුවේ ස්වභාවය පිළිබඳව අවබෝධයක් තිබෙන නිසා බවත් විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here