Saturday, July 27, 2024

එළුවන් කෑම!

ඉන්දියාවෙන් බිත්තර ආනයනයේදී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් කටයුතු කළ දැඩි ක්‍රියාපිළිවෙත එම ආයතනය ඔස්ට්‍රේලියාවෙන් මෙරටට එළුවන් ආනයනය කිරීමේදී එලෙසම අනුගමනය නොකිරීම රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී දැඩි විවේචනයට ලක්වුණි.

එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කාරක සභාවට කැඳවු අවස්ථාවේදී අනාවරණය වූයේ රුපියල් මිලියන 33ක වියදමින් ඔස්ට්‍රේලියාවන් මෙරටට ආනයනය කරනු ලැබු එළුවන් නිරෝධායනයේදී සහ අවස්ථා කිහිපයකදී මිය ගොස් ඇති බවය. 

එබැවින් එළුවන් ආනයනය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා ඊට සම්බන්ධ වූ නිලධාරීන්ට එරෙහිව යම් පියවරක් ගන්නා ලෙසත් එම කමිටුවේ සභාපති රාජ්‍ය අමත්‍ය ලසන්ත අලගියවන්න මහතා බලධාරීන් ගෙන් ඉල්ලා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles