Saturday, April 20, 2024

ඔබේ ලපයට මෙන්න පළතුරු! – වෘත්තීයවේදීන්

රජයේ නව බදු ප්‍රතිපත්තිය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ කර තිබූ වැඩවර්ජන ඊයේ උදෑසන 8 ට තාවකාලිකව අත්හිටුවීමට එම වෘත්තීය සමිති පියවර ගෙන තිබුණි.

කෙසේවෙතත් විභාග හා අධ්‍යයන කටයුතුවලින් බැහැරව සිදුකරන සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබේ.

රජයේ නව බදු ප්‍රතිපත්තිය හා ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය, අධ්‍යාපන, දුම්රිය, වරාය, තැපැල්, විදුලි ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති ඊයේ ආරම්භ කළ පැය 24 ක සංකේත වැඩ වර්ජනය අද උදෑසන 8 න් අවසන් වුණි.

වෘත්තීය වේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව දියත් කළ වැඩ වර්ජනය අවසන් කෙරෙුණේ උපයන විට බදු අය කිරීමේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෘත්තීය සමිති සමඟ සෘජු සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් බවට දන්වා එවන ලද ලිපියට ප්‍රතිචාර දක්වමිනි.

මේ අතර වැඩ වර්ජනයේ නිරත වූ වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව අද රැස්වී ජනාධිපතිවරයා සමග පැවැත්වීමට නියමිත සාකච්ඡාවට අදාළව තීරණ කිහිපයක් ගනු ලැබීය.

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන් මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා,

“ජනාධිපති ලේකම්වරයාට පිළිතුරු ලිපියක් යවනවා..ඒ ලිපිය සම්බන්ධයෙන්. ඒ ලිපියේ සඳහන් වන සමහර කරුණු සම්බන්ධයෙන් අපි කිසිසේත්ම එකඟ වෙන්නේ නැති බව පැහැදිලිව ප්‍රකාශ කරනවා. කිසිසේත්ම අපි සූදානම් නැහැ.. මාස 06ක් බලාගෙන ඉන්න. ඒ වගේම අපි ඉල්ලා සිටිනවා සාකච්ඡාව 22 වනදා ට පෙර අපිට ලබාදෙන්න කියලා. ඒ ඉල්ලීම් ඉටු නොවුණොත් අපි දැඩි ක්‍රියාමාර්ගවලට එළඹෙනවා.”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ 21වනදා පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණයක් ගන්නා බව වෘත්තියවේදීන්ගේ එකමුතුව පවසනවා.

එම එකමුතුව නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේ ඉදිරියේදී යළි වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට සිදු වුවහොත් ජනතාවට අවම පීඩාවක් වන පරිදි එය සිදු කරන බවයි. 

ඊයේ දිනයේ, වරාය, පාසල් සහ ඛනිජතෙල් බෙදාහැරීම සාමාන්‍ය පරිදි සිදුවුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles