Thursday, April 25, 2024

කවුරුත් අහන ජින්නාගේ ගිනි හට්ටි පූජාව! (Video)

ෆේස්බුක් සමාජ මාධ්‍ය වල සතියේ ඡායාරූපය ලෙස පැතිරෙන සේයාරුවේ අගමුල සොයන්නට අප සිතුවා. ඒ් අනුව එක්තරා භික්ෂු නිකායක් සිය භාවනාව අරමුණු කරගෙන නිර්මාණය කළ පූජාවක් ලෙස අපට පැහැදිලි වුණා.

මේ පූජාව ගැන බුද්ධික මාරසිංහ නැමැත්තා ෆේස්බුක් හි තැබූ සටහන…

මේ පිතූරේ අපි සිදු කරන්නේ මොකද්ද කියා නොදැන ඒ ගැන නිගමන වලට එන නිසා ලියන්න හිතුවා. අපිට film එකක් පැය තුනක් එක දිගට බැලුවට තම හුස්ම රැල්ල ගැන වාඩි වෙලා සිහියෙන් පැය තුනක් ඉන්න බෑ නේද. film එක බලද්දී හිතේ ඇතිවන්නෙ වැඩිපුරම රාගය (ආශාව) සහ දේවේශය (තරහ). ඊට වීර්‍යක් ඕනේ නෑ. එ රූප සහ ශබ්ද සහ ඉන් අප ගන්නා අර්ථ වලට එන ඇලීම සහ ගැටීම සමග අපිට පැය තුනකට වඩා කාලයක් උනත් ඉන්න හැකී. ඒ සදහා වීර්‍යයක්, සිත ගැන සිහියක්, සිතේ එකග බවක් අවශ්‍ය ම නෑ. අපි පුරුදු වෙලා තියන ඇලිම සග ගැටීම මත හිත ඔහේ දුවනවා. ඉතින් වාඩි වෙලා ඉන්න කය ( ශරීරයේ එන පහසුතා ) අපට අමතක වෙනවා.

මනස එකපාරකට ගන්නේ එක දෙයක්(ඇස, කන, නාසය, දිව, ශරීරය හෝ මනස යන ඒවාගෙන් එක ගානේ) පමනක් නිසා film එකක් බලනකොට කයේ වේදනාවන් ගැන සිහියක් එන්නෙම ඉතා අඩුවෙන්.ඉදගෙන හුස්ම රැල්ල ගැන සිහියෙන් ඉන්න ආනාපාන සතිය භාවනාවක් වගේ මනසේ එකග බව තියාගන්න හදනකොට film එකක වගෙ ඇලෙන ගැටෙන බාහිර පින්තූර සහ සද්ද දේවල් නැති නිසා ශරීර වේදනා හෝ වෙනත් අරමුනු ගලාගෙන එනවා. කම්මෑලිකම හෙවත් ථීනය (වීර්‍යට විරුද්ධ දේ) දෙ බොහෝ විට එනවා. ආසාවන් හෙවත් කාමච්චන්ද අරමුනු , ව්‍යාපාද හෙවත් ගැටෙන අරමුනු හිතට ගලාගෙන එන්න හදනවා. ඔය සිහිය හදන එකට ප්‍රතිපක්ශ දේවල් වලට කියන්නෙ අකුසල් සිත්. ඉතින් කුසල් සිත් හෙවත් මනස දියුනු කරන සිත් හදන ක්‍රීයාවන් හෙවත් චෛතසික කියන්නේ : සති චෛතසිකය හෙවත් තම සිත ගැන සිහිය පුහුනු කරන්නා, ඒ නිසා මානසික එකග්‍රතාවය හදන සමාධි චෛතසික ය හෙවත් භාවනාවේදී කරන සිත එක අරමුනක තබා ගැනීම පුහුනු කරන්නා සහ ඒ සදහා අවශ්‍ය වීර්‍යය හෙවත් වීර්‍යය චෛතසික පුහුනු කරන්නා යන මනසේ සියුම් අංගයි.

මටත් සිත එකග කිරීම අපහසුයි තවම. එ නිසා කාලෙන් කාලෙට මේ වගේ ක්‍රම භාවිතා කරලා ඉදගෙන කරන භාවනාවක් හෙවත් පර්‍යන්ක භාවනාවකට යොමුවෙන්නෙ. නැතිනම් ශුශ්ක විදර්ශනාව හෙවත් වෙනස් වීම හො අපට කැමති විදියට ලෝකය පවතින්නෙ නැති බව (අනිත්‍ය හෝ අනාත්ම) මනසින් හුරු කරලා සිතේ එකග බව හදා ගන්නවා.පිටුපස වඩින ස්වමින්වහන්සේ මේ සක්මන පැය 12ක් කරනවා සතියකට වරක් විතර. ඒ නිවන උදෙසා වීර්‍යය වැඩීමක්. කාටවත් ධන හානිය ක් කරදරයක් නම් වෙන්නෙම නෑ. ඒ ස්වමින්වහන්සේට ඒ පැය 12 තුල අප්‍රමාන කුසල් සිත් වැඩෙනවා. මේ වගේ සක්මන් භාවනා කරන ස්වමින්වහන්සේ ල අද බොහෝ වැඩ සිටිනවා. ඒ ස්වමින්වහන්සේලා ලා ඇසුරු කරන අය ට එක නොරහසක්.සසරේ භාවනාව පුහුනු කරලා මදිනම් ඒවා සකස් කර ගත යුතු වෙනවා. ඉදගෙන භාවනාවක් කරන්න අපහසු වෙලාවට ඔය වගේ ක්‍රම අතීතයේ ඉදන් ආරන්‍ය වල භාව්තා කරනවා. ඒක සියුම්ව පැහැදිලි කලොත්හිස මත පහන් හතරක් දල්වා මනස මගින් ක්‍රියාකරවන ඇවිදීම හෙවත් සක්මන යන ශරීරය ආධාරයෙන් මේවගේ දෙයක් කරලා හෝ මනස පුහුනු කරගන්නවා. මෙතනදී ඔලුවේ පහන් හතරක් දැල්වෙන නිසා හිස කෙලින් තබා ගෙන සක්මන් (ඇවිදීම) කල යුතුයි. ඒ කියන්නෙ සිහියෙන් ඉන්න ඕනේ ඔලුව කෙලින් තබාගෙන. ඉන් වැඩෙන්නෙ සති නම් වූ චෛතසික ය.


මහන්සිය නොතකා සහ නිදි වර්ජිතව සිදුකල යුතු නිසා වීර්‍ය වැඩෙනවා. එනම් වීර්‍ය චෛතසික ය මේ මගින් පුහුනු වෙනවා. නමුත් මෙතන ඇවිදීමේදි මනසින් ශාරීරික ක්‍රීයාවන් කිහිපයක් වෙන නිසා, කකුල් මාරුවෙන් මාරුවට ගමන් කරවීම සහ බෙල්ල කෙලින් තියාගෙන සිටීම ආදී, දීර්ඝ සමාධි වැඩෙන්න නෑ ගොඩක් වෙලාවට. නමුත් ක්ශෙනික සමාධි ඇති වෙනවා. මනසේ සිත් 1යි බින්දු 14 ක් වගේ තත්පර යකට ඇති වෙන්වා. නමුත් සමාධි චෛතසික ය පුහුනු නොකල අයගේ සිත භාවිතා වන්නේ 10,000 වගේ. සමාධිය මගින් සිතේ භාවිතාව වැඩි කරනවා. දෙගුනයක් නම් නෙවෙයි. අගට බින්දු එකතු කරගනිමින්. බුදුරජානන් වහන්සේ සිත් සියල්ලම 10^14 ම භාවිතා කරනවා. නා උයනේ අරියධම්ම ස්වමින්වහන්සේ ත්‍රිපිටකය සහ අටුවාව පොත් සියල එක පාරින් කියවලා පාඩම් දුන්නේ සමාධියෙ උපරිමයක් වන අශ්ඨසමාපත්ති තුරුම භාවනාව වඩලා. ඒ වගේ මනසක් අධිවේගී වගේම කාර්‍යක්ශමයි. භාවනාකල අය කරන කල සහ නොකරන කල මේක අත්දැකලා ඇති.රජෝහරනං කියලා කෙනෙකුට සුදු රෙද්දක් අතුල්ලන ක්‍රියා කරමක් දුන්නා මතක ඇති. ඒ වගේම තමා සක්මන හෙවත් සිහියෙන් ඇවිදීම.

මේකත් අතිතයේ සිටම භාවනා කරන භික්ෂූන් වහන්සේලා මනස ඒකග්‍ර කරගන්න ශාරීරය යොදාගෙන දෙන මූලික පුහුනුවක්. පිටුපස සිටින ස්වමින්වහන්සේ පහන් බොහොමයක් දල්වාගෙන මේ ක්‍රියාකාරකම සතියට වතාවක් වගේ පැය 12ක් සිදු කරනවා සිත දමනය කරගන්න. එකඑක අය ඒ ඒ අයට සුදුසු ක්‍රම භාවිතා කරනවා. සූත්‍ර පිටකයේ 22,000 ධර්මස්කන්දයේ තියෙන්නේ ඒ ඒ අයට දුන් 22,000 මනස දමනය කිරීමේ ක්‍රම. 44 ,000 අභිධර්ම පිටකයේ තියෙන්නෙ මනස සහ කය වැඩ කරනා ආකාරයේ මූලික සිද්ධාන්ත.ඒ ක්‍රමවේදයේ පැවැත්ම සදහා අවශ්‍ය විනය තම විනය පිටකයේ තියෙන්නෙ. ඒ ඒ අයට අදාල විනය නැතිව සිත නම් දමනය කරන්න බෑ. ඒක මූලික පදනම. අපි සිල් කියල ගන්නේ ඒක. ඒකෙන් විරති චෛතසික ය හෙවත් නුසුදුසු දේ නොකර සිටින්නා සහ සති චෛතසික ය හෙවත් කරන හිතන දේ ගැන සිහිය වැඩෙනවා. ඔය හැමදේම අවසානයේ හිත දමනය හෙවත් ප්‍රඥාව සකසා ගැනීමට යෙදවෙනවාඅපේ අද්‍යාපනයේ බෞද්ධ සාහිත්‍ය නොව මනස සහ කය වැඩ කරන ආකාරය හෙවත් මූලික සිද්ධාන්ත ඉගැන්වීම ඕල්කට් අද්‍යාපනය දානකොට ඉවත් කල නිසයි මනස ව්‍යාකූල අය දැන් බිහි වන්නේ. මනස දියුනු වූ මිනිසා ඉන්න රටක් කොහොමත් විනයගරුකයි සශ්‍රීකයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles