Saturday, July 27, 2024

ක්‍රීඩකයෝ නහයෙන් අඬති.. මහේලටත් දුක හිතෙයි… සමාවත් ගනී…!

තරග පරාජය සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන් ගෙන් සමාව ඉල්ලා සිටින අතර, පරාජයන්වලට කිසිදු බාහිර පාර්ශ්වයක බලපෑමක් හේතු නොවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් අවධාරණය කරයි.

අද (12) දහවල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී ක්‍රිකට් කණ්ඩායම එක් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඔහු මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

ඉන්දියාවේ පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය තරග 09න් ජයගැනීමට සමත් වූයේ තරග දෙකක් පමණි.

කණ්ඩායමේ නිත්‍ය නායක දසුන් ශානක පළමු තරග දෙකෙන් පසු ආබාධයට ලක් වූ අතර, අනතුරු ව කුසල් මෙන්ඩිස් යටතේ කණ්ඩායම ක්‍රීඩා කළේය.

තරගාවලිය මුළුල්ලේ අවස්ථා කිහිපයක දී ම ශ්‍රී ලංකා ක්‍රිඩකයන් ආබාධයන්ට ලක් වූ අතර, අතිරේක ක්‍රීඩකයන් කණ්ඩායමට රැගෙන ඒමට සිදු විණි.

ඉන්දීය පිතිකරු විරාට් කෝලි 49 වැනි එක්දින ශතකය රැස් කිරීමට සුභ පතන්නේ දැයි මාධ්‍යවේදියෙකු කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දුන් ආකාරය පිළිබඳ තමන් කණගාටුවන බවත් එවැනි ප්‍රශ්නයක් එම අවස්ථාවේදී බලාපොරොත්තු නොවීම නිසා එවැනි දෙයක් සිදු වූ බවත් ශ්‍රී ලංකා පිළේ නායක කුසල් මෙන්ඩිස් පැවසීය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ පුහුණුකරුවන්ගේ වැටුප් ප්‍රචාරය කරමින් ජනතාවට වැරදි අදහසක්දීම පිළිබඳ කනගාටුවන බවත් ඒ පිළිබඳව සිත් තැවුලක් ඇති බවත් හිටපු ශ්‍රී ලංකා නායක, ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන මහතා පැවසීය.

පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ අදහස් ප්‍රකාශ කරන පුද්ගලයන්ට එම අදහස් ක්‍රීඩා අමාත්‍යාංශයට හෝ පැමිණ ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටින බව කී මහේල ජයවර්ධන මහතා තමන් ශ්‍රී ලංකාවෙන් ලබන වැටුප වෙනත් රටකට සේවය සැපයුවේ නම් සති පහකින් ලබන වැටුපක් බවද සඳහන් කළේය.

Related Articles

Latest Articles