Saturday, July 27, 2024

අද දවල් 12ට සහන පැකේජයක් සමඟ ‘අය-වැය’ එනවා….!!!

2024 වසර සඳහා ඉදිරිපත් වන අයවැය ලේඛනය අද දහවල් 12ට පාර්ලිමේන්තු සභා ගර්භයේදී ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සූදානම් කර අවසන් බව වාර්තා වෙනවා.

අයවැය අවසන් අදියර සකස් කිරීමේ කටයුතු සහ ඉදිරිපත් කිරීම පිළිබඳ සාකච්ඡාවකට ජනාධිපතිවරයා, ඊයේ සිය නිල නිවසේදී එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය සහ ෂෙහාන් සේමසිංහ මෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර් එච් එස් සමරතුංග, ජනාධිපති උපදේශක සමන් අතාවුදහෙට්ටි, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන හා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු පිරිසක් එම සාකච්ඡාව සඳහා සහභාගී වූ බව ද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා

2024 වසර සඳහා ඇස්තමේන්තුගත රජයේ වියදම රුපියල් බිලියන 7,326කි.

පුනරාවර්තන වියදම් නොහොත් සහනාධාර, වැටුප් වැනි වියදම් සඳහා වෙන් කෙරෙන ප්‍රමාණය රුපියල් බිලියන 5,334කි.

ප්‍රාග්ධන වියදම් නැතහොත් නව ව්‍යාපෘති හෝ පැවති ව්‍යාපෘති ආදියට කෙරෙන වියදම් ප්‍රමාණය රුපියල් බිලියන 1,225ක් ලෙස සඳහන්ය.

විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් 14 වැනිදා සිට 21 වැනිදා දක්වා දින 07ක් පැවැත්වෙනු ඇත.

දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 21 වැනිදා පැවැත්වෙයි.

අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 22 සිට දෙසැම්බර් 13 දක්වා දින 19ක කාලයක් පැවැත්වීමට නියමිතය.

ඊට අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් මස 13 වැනිදා පස්වරු 06ට පැවැත්වෙයි.

ආර්ථික අර්බුදයක් පවතින පසුබිමක හෙට ගෙන එන අයවැය පිළිබඳ රටේ ක්ෂේත්‍ර රැසක පිරිස් පසුවන්නේ දැඩි අවධානයකින්ය.

Related Articles

Latest Articles