Saturday, July 27, 2024

ඇල්ල, වේයන්ගොඩ, උකුවෙල හොඳම දුම්රිය ස්ථාන අතරට‍….

2023 ලෝක පොදු ප්‍රවාහන දින සැමරුම “කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ” ශාලාවේ දී පැවැත්විණි.

මීට සමගාමීව මාර්ග අනතුරු වැළැක්වීම සහ අවම කිරීම පිළිබඳව විශේෂ දේශනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජයලත් එදිරිසිංහ මහතා ද පොදු ප්‍රවාහනයට විද්‍යුත්කරණයේ කාර්ය භාරය පිළිබඳව විශේෂ දේශනය මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය තුසිත සුගතදාස මහතා විසින්ද සිදු කරන ලදි.

මෙරට සියලුම දුම්රිය ස්ථාන අතරින් වඩාත් ප්‍රියමනාප, යහපත් මහජන සේවාවක් සපයන, කාර්යක්ෂම සහ පරිසර හිතකාමී සේවාවක් සපයන හරිත දුම්රිය ස්ථානයක් ලෙස ඇල්ල දුම්රිය ස්ථානය ප්‍රථම ස්ථානය දිනාගත් අතර දෙවන ස්ථානය ලෙස ජයග්‍රහණය හිමිකරගත්තේ ඓතිහාසික වේයන්ගොඩ දුම්රිය ස්ථානයයි. ඊට අමතරව තුන්වැන් ස්ථානය ලෙස ජය හිමිකරගත් උකුවෙල දුම්රිය ස්ථානයටද ඇගයුම් සම්මාන පිරිනැමීම ද මෙහිදී සිදු විය.

මෙම අවස්ථාව සදහා ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා, මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, අමාත්‍යංශය හා අනුබද්ධ රාජ්‍ය ආයතන රැසක නිලධාරීන්, සරසවි සිසු සිසුවියන් ඇතුළු විශාල පිරිසක් මෙම වැඩසටහනට එක්ව සිටියහ.

ඇල්ල දුම්රිය ස්ථානය අඩු දුම්රිය වාර සංඛ්‍යාවක් මෙහෙයුම් ගතවන, විදේශීය සංචාරකයන් පිරී පවතින ස්ථානයක් වන අතර එය යටත්විජිත සමය සිහිගන්වන අලංකාරයකින් ද යුක්තය. ඉතාම අඩුම දුම්රිය සංඛ්‍යාවක් මෙහෙයවන උකුවෙල ප්‍රියමනාප දුම්රියස්ථානයක් ලෙස පවත්වාගැනීම පහසු කටයුත්තකි. ඒ වෙනුවෙන් එම කාර්ය මණ්ඩල වෙත ජනතාවගේ ගෞරවය හිමිවිය යුතුය.

මෙහිදී අප අදහස් දැක්වීම සඳහා සම්බන්ධකරගත්තේ විශාල දුම්රිය ගමන්වාර සංඛ්‍යාවක් මෙහෙයවන මෙරට පැරණිතම දුම්රිය ස්ථානවලින් එකක් ලෙස ගැනෙන වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති ඩී.එල්. කීර්ති ප්‍රේමලාල් දිසනායක මහතා ය. එතුමා තම දුම්රිය ස්ථානයේ ජයග්‍රහණය පිළිබඳ මෙසේ අදහස් දැක්වීය‍

”මෙලෙස වඩාත් ප්‍රියමනාප, යහපත් මහජන සේවාවක් සපයන, කාර්යක්ෂම සහ පරිසර හිතකාමී සේවාවක් සපයන හරිත දුම්රිය ස්ථානයක් ලෙස ඇගැයුමට ලක්වීමේ දී ඒ පසුපස නොසැලී, නොපැකිලිව, එඩියෙන් සිටි යෝධ ශක්තිය වනුයේ වේයන්ගොඩ දුම්රිය ස්ථාන සමස් කාර්යය මණ්ඩලයයි. මෙය මගේ තනි ජයග්‍රහණයක් නොව Team Work එකක ප්‍රතිඵලයකි. එසේම චින්තක ගුණවර්ධන මහතා ප්‍රමුඛ ගම්පහ ගොඩනැගිලි පරීක්ෂක අංශය, සාගර මෙත්තසිංහ මහතා ප්‍රමුඛ වේයන්ගොඩ ස්ථිර මාර්ග පරීක්ෂක අංශය, ඉසුරු දිසානායක මහතා ප්‍රමුඛ වේයන්ගොඩ සංඥා පරීක්ෂක අංශය නිතැතින් සිහිපත් කලයුතුමය. එසේම වජිර සමන් පොල්වත්තගේ මහතා, බංඩාර චන්ද්‍රසේන මහතා, අසංක සමරසිංහ මහතා, නන්දන ඉදිපොළගේ මහතා, රංජිත් පත්මලාල් මහතා, මර්වින් ජයතිලක මහතා, ඉන්දික වීරකෝන් මහතා, නේලක ලයනල්සිංහ මහතා, නිරන්ත විස්සුන්දර මහතා, තිළිණ සංදීප මහතා, සුමේධ සෝමරත්න මහතා, සරත් විජේකෝන් මහතා, චම්පික සමිද්ද පියදාස මහතා යන දෙපාර්තමේන්තුමය නිලධාරීන්ද සිහිපත් කලයුතුය.

තවද #Veyangoda Rail set, වේයන්ගොඩ මගී සංගමය Veyangoda Central Past Students Association Bandaranayake Central College, Veyangoda වේයන්ගොඩ බණ්ඩාරනායක අපි Veyangoda Bandaranayaka Api BANDARANAYAKE CENTRAL COLLEGE -වේයන්ගොඩ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් සම්පත් ගුණවර්ධන මහතා, හිටපු ප්‍රා. සභා සභාපතිතුමන්, සහකාර පොලිස් අධිකාරී ප්‍රසාද් ප්‍රනාන්දු මහතා, යුධ හමුදා 141 බලසේනා මූලස්ථානය, වෙළෙඳ සංගමය, ග්‍රාම නිලධාරීන්, සියනෑ විද්‍යාපීඨය හා ප්‍රදේශයේ කාර්මික විද්‍යාල, සමග අත්තනගල්ල දේශපාලන අධිකාරිය අප සමග නිරතුරුව රැදී සිටින ලදී. මේ සියලු දෙනා දුම්රිය ස්ථානය භාවිත කරන අතර ඔවුන් දක්වන සහයෝගය මත අපට මෙම ජයග්‍රහණය ඉදිරියටත් ලබාගතහැකිවනු ඇතැයි අපේ විශ්වාසයයි.”

පරාර්ථකාමී මිනිසුන් ලෝකය වඩාත් ලස්සන කරයි.

Related Articles

Latest Articles