Saturday, July 27, 2024

අය-වැය යෝජනා‌ මුල සිට සරලව…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස 2024 අයවැය කතාව පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කිරීම.

🟢 පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කරනවා.

🟢 නව විශ්ව විද්‍යාල හතරක් පිහිටුවීමට පියවර ගන්නවා. ඉදිරියේදී පළාත් සභා මඟින් ද විශ්වවිද්‍යාල ඇති කිරීමට බලාපොරොත්තු වන බව ජනපති පවසනවා.

🟢 ඊළඟ වසර දෙක තුනේදී විශ්ව විද්‍යාල ගණන දෙගුණයකින් තුන් ගුණයකින් වැඩි කිරීම එහි අරමුණයි.

🟢 රාජ්‍ය විශ්වවිද්‍යාල නව යුගයට ගැලපෙන ලෙස දියුණු කරන අතර එය පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ආරම්භ කරනවා. ඒ සඳහා ලබන වසරේ රුපියල් මිලියන 500ක් වෙන් කරනවා.

🟢 රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල නියාමනය සඳහා බලවත් නීති සම්පාදනය කිරීමෙන් පසු ලංකාවේ එම විශ්ව විද්‍යාල පිහිටුවීමට අවසර දෙනවා.

🟢 පොලී රහිත ශිෂ්‍ය ණය ක්‍රමයට අමතරව වාණිජ බැංකු හරහා ණය ක්‍රමයක් යෝජනා කරන අතරම රැකියාවක් ලබා ගත් පසු ඒ ණය ආපසු ගෙවීමට හැකි ලෙස එය සකසනවා.

🟢 ජාතික උසස් අධ්‍යාපන කොමිසමක් ස්ථාපිත කර තීන්දු තීරණ ගැනීමේ හා නියාමන බලතල ඊට ලබා දෙන බවත් ජනපති පැවසුවා.

🟢ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ අයවැය ඉදිරිපත් කරමින් කියා සිටියේ රජයේ සේවකයන් සඳහා 2015න් පසු වැටුප් වැඩිවීමක් ලැබී නොමැති බවයි

🟢 මේ නිසා රජයේ සේවකයන්ට සහනයක් ලබා දෙන්න යෝජනා කර තිබෙනවා.

🟢 2024 ජනවාරියේ සිට ජීවන වියදම් දීමනාව රුපියල් 10,000කින් වැඩි කරන බවත්,එම දීමනා අප්‍රේල් මාසයේ සිට ලබා දෙන බවත් පවසනවා

🟢 ගම්බිම් ගොවි ජනතාවගේ පුද්ගලික අයිතියට ලබා දීම මඟින් පවුල් ලක්ෂ විස්සකට ඉඩකඩම් හිමි වනවා.

🟢 මේ සඳහා වෙන්කර ඇති මුදල බිලියන 2ක්.

🟢 නාගරික නිවාස හිමිකම් අඩු ආදායම්ලාභීන් සඳහා කුලී පදනමට ලබා දී තිබෙනවා.

🟢 මේ පවුල්වලින් කුලිය වලින් කුලිය අය කර ගැනීම සම්පූර්ණයෙන්ම නතර කර එම නිවාස වල පූර්ණ අයිතිය ඔවුන්ට ලබා දෙනවා.

🟢 2024 වසරේ දී පවුල් 50000කට පමණ කොළඹ නිවාස අයිතිය ලබා දෙනවා.

🟢 ඉඩම් හා නිවාස අයිතිය පූර්ණ වශයෙන් ජනතාවට ලබා දෙයි මේ ක්‍රමය අනුව මෙරට ජනගහනයෙන් සියයට සියයට හැත්තෑවක් පමණ ඉඩම් සහ නිවාස අයිති කරුවන් බවට පත් වෙනවා.

🟢 වතුකරයේ නිවාස ඉදිකිරීම සඳහා ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරනවා මෙහි මූලික පියවර ලෙස බිලියන 4 ක මුදලක් වෙන් කරනවා

ප්‍රමුඛතම රාජ්‍ය බැංකු ද්විත්වයෙහි කොටස් වලින් 20% ක් උපාය මාර්ගික ආයෝජකයන්ට හෝ ජනතාවට ලබා දෙනවා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් පවසයි.

එමෙන්ම ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3900 සිට රුපියල් බිලියන 7350 දක්වා වැඩි කරන බවද එතුමා පැවසීය.

මේ අතර ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය 2032 වනවිට 95% ක් දක්වා අඩු කිරීම අපේක්ෂාව බවද ජනාධිපතිවරයා පැවසීය.

යවැය යෝජනාව ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ උතුරු නැගෙනහිර පළාත්වල අභ්‍යන්තර ගැටුමෙන් බලපෑම් එල්ල වූ අතුරුදන් වුවන් සහ විපතට පත් වුවන් 181 දෙනෙකු සඳහා මේ වන විට වන්දි ලබා දී තිබෙන බවයි.

එයින් තවත් 170 දෙනෙකුට 2023 වසර අවසන් වන විට වන්දි ලබා දීමට නියමිතයි.

කෙසේ වෙතත්, මෙම වන්දි ගෙවීම් කඩිනමින් සිදු කිරීම සඳහා තවත් රුපියල් මිලියන 1,000ක් වෙන් කළ යුතු බව අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටියේ ය.

සම්පූර්ණ අයවැය කතාව

Related Articles

Latest Articles